Back to Top

ඒක ඇත්තටම සුන්දර අත්දැකීමක්.....

December 29, 2014  

ඒක ඇත්තටම සුන්දර අත්දැකීමක්.....

දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරු මාවතේ පැමිණි තවත් තරුවක් අපිත් එක්ක මෙවර දෙරණ ආලින්දය හැඩ ගන්වන්න එකතු වෙලා ඉන්නවා. ඇය දක්ෂ  ගායිකාවක් ඒ වගේ මේ වන විට ඇයව නොහඳුනන පුද්ගලයෙකු නෑ ඒ තරමට ජනප්‍රියයි කියලා අපි හිතනවා. ඒ වෙන කවුරුත් නොවෙයි. දෙරණ  ඩ්‍රීම් ස්ටාර් සීසන් 5 තරඟයෙන් 4 වන ස්ථානය හිමිකගත් ගයානි කෞෂල්යා.



* ඉතින් ගයානි කොහොමද?


මේ දවස්වල ගොඩක් හොඳින් මගේ සංගීත ජීවිතේ වැඩ කටයුතු කරගෙන යනවා.



* මේ දිනවල මොනවගේ වැඩ කටයුතුවලද නියැලිලා ඉන්නේ, මෑත කාලයේ ඔබ ඉතා ජනප්‍රිය වෙනවා Boys Over Flower ගීතයෙන්  ඒ ගැන සතුටු ඇති?

Boys Over Flower සිංදුව නිසා ඇත්තටම මේ දිනවල ජනප්‍රිය වෙනවා.   ඩ්‍රීම් ස්ටාර් තරඟය වගේම ගොඩාක් දෙනෙකු මාව මේ ටෙලි  නාට්‍යයට තුළිනුත් දැනගත්තා.  ඒ වගේම මගේ ගීත කිහිපයක් නිර්මාණය කරලා තියෙනවා. නදීක ගුරුගේ මහත්මයාත් එක්කත් ගීතයක් කරලා  තියෙනවා. එකේ වීඩියෝ එකත් කරලා ඉවරයි.ජනවාරි මුල වගේ එළියට දානවා ඒ ගීතය.
 



*  කොහොමද ඩ්‍රීම් ස්ටාර් තරඟයට ඔබ අවතීර්ණ වෙන්නේ?


මම පොඩි කාලයේ ඉඳළම සංගීතය පැත්තෙන් තමයි වැඩ කටයුතු සිදුකළේ. ක්‍රීඩාව පැත්තෙනුත් වැඩ කළා. ජයග්‍රහණත් ලබාගෙන තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඩ්‍රිම් ස්ටාර් ප්‍රචාරණ කටයුතු යනවා දැකලා ඒකට දාන්න හිතුණා. මොකද මං සංගීතය ඉගෙන ගන්න නිසා මං හිතුවා දෙයක්  කරන්න පුළුවන් කියලා. එහෙම ඩ්‍රීම් ස්ටාර් තරඟයට අයඳුම් කරලා තමයි  අද මම මෙතන ඉන්නේ.


* මතකද ඩ්‍රීම් ස්ටාර් තරඟයේ මුලින්ම ගයපු ගීතය?


ඔව්. මම තෝර ගත්තේ නදීක සර්ව. එකේ මයා දමයන්ති මිසුත් හිටියා.  බටහිර ආරයේ සංගීතියෙන් තමයි මම ගියේ. මම කොහොම හරි ඇතුළට ගියාම බය වුණා.  ගායනා කරන්න ලැස්ති වුණාම  මාව  වෙව්ලන්න ගත්තා. ඒක මායා මිස් දැකලා මට කිව්වා. හදිසියක් නැතුව හොඳට රිලැක්ස්  වෙලා. හොඳ හුස්මක් අරගෙන කියන්න කියලා මට කිව්වා. කෙහොම හරි මම ගීතය ගායනා කළා. එදා මම අසනීප වෙලා හිටියේ.  ඒත් මම  කොහොම හරි ගායනා කළා. ඉතින් ටික වෙලාවක් යනකොට එයාලා මගෙන් එක එක ගීත අහන්න ගත්තා. කොහෙම හරි ගොඩාක් සමීප වුණා මම  එයාලත් එක්ක. මම කොහෙම හරි මේ ඉන්ටර්විව් එකට යන්න කලින් නදීක සර් සහ ඉන්ද්‍රචාපා සර්ව දැකලා මං ගොඩාක් බය වුණා. ඒ වෙලාවේ  හිතා ගත්තා මම ගෙදර යනවා කියලා. ඒත් කොහොම හරි ඇතුළට ගියාට පස්සේ හැමෝම සුහදශීලි වුණා. හොඳට කතා බහ කරලා හිටියා. එයාලා  අපිට ලොකු තැනක් දුන්නා.



* දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරු මාවතේ අත්දැකීම්   මොන වගේ අත්දැකීම්ද තියෙන්නේ ඔබට? අනිවාර්යෙන් අමතක නොවන අත්දැකීම් ඇති?


අනිවාර්යයෙන් ගොඩාක් අත්දැකීම් තියෙනවා. දෙරණ නාලිකාවත්  එක්ක කටයුතු කරනකොට ඒ ලබාගත්තු පාඩම් ගොඩාක් වටිනවා. ජීවිතය පැත්තෙනුත් ගොඩාක් වටිනවා. කට්ටියත් එක්ක ඉන්නකොට මුලින්ම අපිට ඩාන්ස් කරන්න තියෙනවා. එකේ ඉතින් තියෙනවා කපල් ඩාන්ස්  එහෙම තියෙනවා. සමහරක් ඒවා කරන්න බැරි වුණාම ඉතින් බැණුම් අහන්නත් වෙලා තියෙනවා. ඒත් ඉතින් කට්ටිය හැමෝම සෙට් වුණාට පස්සේ  හරිම සතුටින් කට්ටියත් එක්ක   සහයෝගයෙන් වැඩ කටයුතු සිදුකළා. එහෙම වැඩ කරද්දි වැටිලත් තියෙනවා ගොඩාක්.



* ඩ්‍රීම් ස්ටාර් තරඟයෙන් වැඩියෙන්ම දුක හිතුණේ කවුරුන් ඉවත්වෙලා යනවිටදීද?


පස්වන ස්ථානයට චමිල අයියා ඉවත් වුණා. ඒ වෙලාවේ ගොඩාක් දුක හිතුණා. ඒ වෙලාවේ කොහොම හරි කැමරා එක හරවලා තිබුණේ මගේ පැත්තට. මාව විතරක් ඒ වෙලාවේ ටී.වී. එකට  වැඩිපුර පෙන්වනුවා. ඒ වෙලාවේ හරකා වගේ අඩනවා මම.



* මේ වගේ රැයැලටි තරඟවලට සහභාගී වෙන්න අනිවාර්යෙන්  කැමැත්තෙන් ඇති. එයාලට ඔයා  මොනවගේ උපදෙස්ද දෙන්නේ?

කියන්න තියෙන්නේ අපි කරන හැම අභියෝගයක්ම ජය ගන්න හරිම අමාරුයි. ගොඩාක් බාදක කම්කටොලු මැදින් යන්න වෙන්නේ. මේකේ  අනිවර්යයෙන්ම කට්ට තියෙනවා. කටු කන්න ඕන. කටු කනකොට තමයි සුන්දරත්වය දැනෙන්නේ. ලොකු කැප කිරීමක් කරලා තමයි අපි මෙතන්න අද ඇවිල්ලා තියෙන්නේ. හැමෝටම කියන්නේ ඒ කැප කිරීම කරන්න පුළුවන්නම් අනිවාර්යයෙන් ඔබට ඩ්‍රීම් ස්ටාර් වෙන්න පුළුවන්.




*මොකක්ද කාපු සුන්දරම කට්ට?

ලොකුම කට්ට තමයි කෑම කන්න වෙලාවක් නැති වුණා. ඒ වගේම නිදාගන්නත් වෙලාවක් නෑ. සමහරක් වෙලාවට කනකොට රෑ එකයි දෙකයි.


 * ගයානි ආදරය සම්බන්ධයෙන් මොනවගේ අදහසක්ද ඔබට තියෙන්නේ?

ඒක ඇත්තටම සුන්දර අත්දැකීමක්. අපිට දෙමාපියන්ගේ ආදරයත් අනිවාර්යයෙන් ලැබෙන්න ඕන. ඒක තමා අපේ රැකවරණය. දෙමාපියන්ට  වඩා කවුරුත් නෑ.  පෙම්වතෙක්ගේ ආදරයත් අනිවාර්යයෙන් අවශ්‍යයි. ඒක තමයි අපේ ජීවිතය ඉස්සරහට යන්නේ සහ අපි දේවල් ගොඩ නගා  ගන්නේ ඒ තුළින්. ඉතින් ඒක හොඳයි.



* මේ වන විට පෙම්වතෙක්  ඉන්නවා ඇති නේද?

එහෙම කියන්න බැහැනේ දැන්මම. ඒක නිසා අපි ඒක කතා නොකර ඉමු. ඉස්සරහට කියන්නම් මං.

* ගයානි ඔබගේ පාසලක ගැනත් මතක් කරලා. අවසාන වශයෙන් ඔබට ස්තුති   කරන්න අයත් ඇති ?


මං පාදුක්ක ප්‍ර දේශයේ. පාදුක්ක,  ශ්‍රී පියරතන මධ්‍ය මහා විද්‍යාලය තමයි මගේ පාසල. මගේ පසලෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ  වගේම මගේ නෑදෑ පිරිස. ඒ වගේම තාත්තගේ යාළුවා ලක්ෂ්මන් අංකල්. එයා තමයි වියදම් පැත්තෙන් හැම දෙයක්ම බැලුවේ. ඒ වගේම තරුණ  සේවා සභාවෙනුත් මට ලොකු සහයක් ලැබුණා. ඒ වගේම මගේ අයියලා දෙන්නගේ යළුවෝ. ඒ වගේම හඳපාන්ගොඩ යාළුවෝ.   මගේ ප්‍රදේශවාසීන් මට ගොඩාක් උදව් කළා.  ඒ වගේම මගේප්‍රේක්ෂයෝ මට ගොඩාක් උදව් කළා. වචනයකින් පවා මට උදව් කරපු හමෝටම
මං   ස්තූති වන්ත වෙනවා. දෙරණ නාලිකාවට විශේෂයෙන් මම ස්තුති වන්ත වෙනවා.


MOST VIEWED VIDEO STORIES

MORE >>