Back to Top

මම පොලු තියලා නෑ....

May 27, 2015  

 මම පොලු තියලා නෑ....

* තීක්ෂණ බෝඩිමක කොච්චර කාලයක්  හිටියද?

ඇත්තටම මම බෝඩිමක විශ්ව විද්‍යාල ජීවිත පුරාවටම අවුරුදු හතරක් හිටියා. 




* ඔබ  සංගීත සංදර්ශන වලට පොලු තියලා තියෙනවාද? 

මෙහෙමයි අපෙන් පොල්ලක් වදින්නේ යන්න බැරිවුණොත්නේ.  සාමාන්‍යයෙන් මම දවසකට සංගීත සංදර්ශන ගන්නේ උපරිම හතරක් වගේ තමයි.  ඇත්තටම අවුරුදු මාසයේ නම් මම දවසකට සංදර්ශන හයක් විතර බාරගත්තා. මම සංදර්ශන හතරට වඩා ගන්නවා නම් මම කියනවා  මල්ලී මම එන එක නිශ්චිත නෑ කියලා.  මට අත්තිකාරම් මුදල් දාන්නත් එපා. පුළුවන් වුණොත් මම එන්නම් අනිවාර්යයෙන් කියලා කියනවා.  සංදර්ශන හතරට වඩා එනවා නම් එහෙම කියලා තමයි මම බාරගන්නේ.




*  පාසල් යන කාලයේ සංගීතයට කැමැත්තක් තිබුණාද?

ඇත්තටම පාසල් යන කාලයේ එහෙම අදහසක් තිබුණේ නෑ. කොල්ල අධ්‍යාපනයට තමයි මුල්තැන දීලා තිබුණේ. කලාව පැත්තට මගේ අම්ලා තාත්තලා තමයි ගොඩක්ම යොමු කළේ.

* තීක්ෂණ ඔබගේ පාසල කුමක්ද?


ගාල්ල ඇලෝසියස් විද්‍යාලයට තමයි මම පාසල් ගියේ.  උසස් පෙළට මම විෂයන් විදියට කළේ ජීව විද්‍යාව.  ඊට පස්සේ  විශ්ව විද්‍යාලයට ගියා. එහෙම තමයි ඉතින් සිද්ධ වුණේ.



* තීක්ෂණ මේ වෙනකොට ගීත කීයක් විතර කරලා තියෙනවාද?


මේ වෙනකොට ගීත හතලිහක් පනහක් විතර කරලා තියෙනවා.  ඒ ගීත වලින් ගීත දහයක් විතර ජනප්‍රිය වෙලා තියෙනවා.




* හරි දැන් ඔබ පවුල් ජීවිතයක් ගත කරනවානේ. කියන්න අවංකව    කසාද බඳින්න ඉස්සල්ලා කෙල්ලෝ කියකට විතර ආදරය කළාද?


අත්තම කියනවා නම් උසස් පෙළ කරන කාලයේදී එක්තරා ගැහැණු ළමයෙකුට ට්‍රයි කළා. එයා සෙට් වුණානම් මම එයාව බඳිනවා. මම මගේ වයිෆ්ටත් ඒ ගැන කියලා තියෙනවා. කොහොම හරි එයාව මට සෙට් වුණේ නෑ. ඊට පස්සේ ට්‍රයි කළේ දැන් ඉන්න එක්කෙනාට. එහෙම බලද්දි කියන්න පුළුවන් මේක මගේ ප්‍රථම ප්‍රේමය කියලා.



* ලංකාවේ දේශපාලනය ගැන මොකද හිතන්නේ?


ලංකාවේ දේශපාලනය ගැන නම් හිතන්න දෙයකුත් නෑ. කියන්න දෙයකුත් නෑ.  ඡන්ද දායකයෙක්ට ලැබෙන මුල්ම අවස්ථාවේදී මම එකේ තිබුණු ආසාවට ඡන්දය දැන්ම මිසක් ඊට පස්සේ කවදාවත් මම ඡන්දය දීලා නෑ. මොකද වැඩක් නැහැනේ දීලා. මම දාන්නෙත් නෑ.බිරිඳ ඡන්දය දීලත් නෑ.


* දේශපාලනය ගැන කතා කරපු නිසා අහන්නේ. දේශපාලනයට එන්න බලාපොරොත්තුවක් තියෙනවාද ඔබගේ ජනප්‍රියත්වය උපයෝගී කරගෙන?


නෑ. කොහෙත්ම නෑ. දේශපාලනයට එන්න ඒ දිනවල කැමැත්තක් තිබුණා. ඒත් දැන් නෑ. මොකද බිරිඳ කැමති නෑ දේශපාලනයට එනවාට. ගෙදර ඉන්න ලොකු තැන කැමති නැති වෙනකොට මං මොකටද කරන්නේ. එහෙම වුණොත් ගෙදරින් නිකන් ලැබෙන කෑම එකත් ලැබෙන එකක් නැතිවෙයි.



* ගීත අල්බම් එකක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?


 එක ඇල්බම් එකක් කළා මම.  නමුත් ඇල්බම් සංකෘතිය මම හිතන්නේ නෑ දැන් හරි යයි කියලා.  ඒ නිසා සිංදුව සිංදුව තමයි එළියට දාන්නේ.


* තීක්ෂණ අනුරාධ ගොඩ ගිහින් තියෙන්නේ Ringing Tone  වලින් කියලා කවුරුහරි චෝදනාවක් කළොත්?

මම එයාව එක්කගෙන යනවා බැංකුවට එතකොට.  මොකද කාර් එකේ ලීසිං එක තාවම තියෙනවා.ලොකු  බැංකු ණයක් තියෙනවා.  ඒ ටික පෙන්වනවා.  එතකොට තේරෙනවානේ ගොඩ ගිහින් නෑ කියලා තවම .  තවම ඉන්නේ මඩේ තමයි.  මේකයි මම හිතන්නේ නෑ සල්ලි හම්බ වෙනවා කියලා  අපිට තියෙන සේරම දේවල් එක පාර කරන්න ඕන කියලා.  එහෙම කරන්න ඔනනම් එකපාර ලක්ෂ දහයක පහලොවක විතර ලොතරැයියක් ඇදෙන්න ඕන.

* දෙරණ ආලින්දය ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම මම වැඩසටහනට එනකන් දැනගෙන හිටියේ නෑ මොකක්ද කරන්න ඕන කියලා. මම ඉතින් ශාන්ත දාන්ත විදියට හිටියා. නමුත් මේක එහෙම දෙයක් නොවෙයි.   මෙහෙම කරනකොට අපේ හතවතින්ම එන දේ කියන්න පුළුවන්. අපි කියන්නේ බොක්කෙන්ම එන දේ කියනවා කියලා.  අවසාන ප්‍රශ්නය කියලා අහන්නෙම අමුතු ප්‍රශ්න තමයි.  වැඩසටහන ලස්සනට තියෙයි. මට ඉවසිල්ලක් නෑ කවද්ද මේක බලන්නේ කියලා.










MOST VIEWED VIDEO STORIES

MORE >>