Back to Top

ඒක කරන්න නම් වෙලාවක් නෑ...

April 6, 2015  

ඒක කරන්න නම් වෙලාවක් නෑ...

අයිෂ් කොහොමද ජීවිතේ?

හොඳයි හොඳින් ඉන්නවා


*මේ දවස්වල මොනවගේ වැඩ කටයුතු වලද නියැලිලා ඉන්නේ?

මේ දවස්වල ඉතින් Photo shoot වලට  පෙනී සිටිනවා. ඒ වගේම ‍Fashion Show  වලට සහභාගී වෙනවා.  පසුගිය සතියේ කොළඹ විලාසිතා උත්සවය තිබුණා. ලංකාවේ තියෙන විශාලතම විලාසිතා දැක්ම තමයි ඒක. ඒකට සහභාගී වුණා. ඒක ලොකු අත්දැකීමක්.


* අයිෂ් ලංකාව තුළ ඉතාමත් කෙටි කාලයකින් ජනප්‍රිය වුණා. අයිෂ් හිතන්නේ ඇයි ඔයා කෙටි කාලයකින් ජනප්‍රිය වුණේ කියලා?


මට මුල ඉඳලට වෘත්තීය මට්ටමේ පිරිසක් එක්ක වැඩ කරන්න අවස්ථාවක් ලැබුණා.  මං මුල්ම  Photo shoot එක කළේ සුරේන් බෝපිටි එක්ක. මීෂා ගුණවර්ධන, මිහිර බණ්ඩාර, ඒ වගේ හොඳ වෘත්තීය මට්ටමේ පිරිසක් මට හම්බ වුණා. ඉතින්  මම හිතන්නේ ඒක නිසා තමයි ජනප්‍රිය වුණේ.
* ක්ෂේත්‍රයට එන්න කොහොමද අවස්ථාව හිමිවුණේ?

ඇත්තටම අහම්බයක් වුණේ. මොකද මම හිටියේ ලන්ඩන් වල. මම ලංකාවට ළඟදී තමයි අවේ. තවම ලංකාවට ඇවිල්ලා මාස 10ක් වගේ කාලයක් වෙනවා.අවුරුදු 10ට වඩා වැඩි කාලයකට පස්සේ තමයි ලංකාවට ආවේ. ඉතින් මම ලංකාවට ආපු ගමන් මගේ යාලුවෙකුගේ සාදයක් තිබුණා. ඒකට ඇවිල්ලා හිටියා ශාන්ත බණ්ඩාර කියලා එක්කෙනෙක්.  එයා මට කතා කරා Documantry එකක් කරන්න. ඉතින් ඒක තමයි මුලින්ම ඉදිරිපත් වුණු එක.  ඊට පස්සේ තමයි මුල්ම Photo shoot එකට පෙනී සිටියේ සුරේන් බෝපිටියගේ.


* මෝස්තර නිරූපණ ශිල්පිණියන්ට ඒ වගේම නළු නිළියන්ට ගොඩක් දුරට සමාජයෙන් කටකතා හැදෙනවා. ඒ ගැන මොකද කියන්නේ?


මම නම් හිතන්නේ මේ ක්ෂේත්‍රය මිනිස්සුන්ට පුරුදු නැහැනේ. ඒ වගේම මේ ක්ෂේත්‍රය තුළ අවස්ථා වැඩියි ඒ නිසා වෙන්න ඇති මේ වගේ කටකතා හැදෙන්නේ.

* නිරූපණ ශිල්පිණියකට ක්ෂේත්‍රයට පැමිණෙන්න මොනවද තියෙන්න ඕන සුදුසුකම් ලෙස ඔබ සිතන්නේ?


මෙකයි ලංකාව තුළ නිරූපණ ක්ෂේත්‍රය ලොකුවට තියෙනවා කියලා මමනම් හිතන්නේ නෑ. පිටරට නම් නිරූපණ ක්ෂේත්‍රයට ඒක එක විදියේ Category තියෙනවා.  නමුත් ලංකාවේ එහෙම නෑ. ලංකාවේ තියෙන්නේ හැම එක්කෙනාම හැමදෙයක්ම කරන්න හදන සංකෘතියක්. සාමාන්‍යයෙන් රෑම්ප් එකේ යන සුපර් මොඩ්ල් කෙනෙක් නම් උස තියෙන්න ඕන. කෙට්ටු ඇඟක් තියෙන්න ඕන. ඒවගේ තව තව දේවල් ති‍යෙනවා. ඉතින් මට ඒක කියන්න අමාරුයි. මොකද ඇත්තටම ලංකාවේ නම් එහෙම හොඳට  යන්නේ නෑ නිරූපණ ක්ෂේත්‍රය.

* කොහොමද මේ දිනවල ඔබ  මියුසික් වීඩියෝ වල ඉන්නවා  දකිනවා. ඒ අත්දැකීම් කොහොමද?

කනිෂ්ක නදීෂාන් කියන අලුත් ගායකයාගේ මියුසික් වීඩියෝ එකේ මම අන්තිමට පෙනී සිටියා. ඒක තමයි මම අන්තිමට කරපු මියුසික් වීඩියෝ එක. ඒකේ ඕඩියෝ එක මම මුලින්ම ඇහුවා. ඒක ලස්සන නිසා මම පෙනී සිටියා. මීට කලින් සමිතා මුදුන්කොටුවගේ, දුමාල්ගේ මියුසික් වීඩියෝස්වලට පෙනී ඉඳළා තියෙනවා. හොඳ අත්දැකීමක් ඒක.


* හොඳයි අයිෂ්ට රඟපාන්න ආරාධනාවක් ලැබුණොත් ඒක බාරගන්නවාද?

ඇත්තටම මට ඒක කරන්න නම් වෙලාවක් නෑ. ඇත්තටම මං මේ දිනවල නීතිය පිළිබඳව විභාගවලයට සුදානම වෙනවා. තව  වෙනත් වැඩත් කරගෙන යනවා. ඒක නිසා මට ඇත්තටම ටෙලි නාට්‍යයකට පෙනී සිටින්න වෙලාවක් නෑ. මොකද ඒකට ලොකු කැප කිරීමක් කරන්න ඕන.

* කොහොමද විලාසිතා දක්මවල් වලට සහභාගීවෙලා  ඇදගෙන වැටිලා එහෙම නැද්ද?


අම්මෝ තවමනම් ඇදගෙන වැටිලා නෑත එහෙම බලාපොරොත්තු වෙන්නෙත් නෑ මම. හිතාගන්නවත් බෑ වැටුණොතින් කොහොම වෙයිද කියලා.

* අයිෂ් වර්තමානයේ ක්ෂේත්‍ර යේ සිටින පුද්ගලයින්ට සාමාන්‍ය දැනුම අඩුයි කියලා මතයක් තියෙනවා. ඔයාට ඒ ගැන මොකද හිතෙන්නේ.


ඔව්. වෙන්නත් ඇති. පාසල් කාලයෙන් පස්සේ මේ ක්ෂේත්‍රයට එන පිරිස ක්ෂේත්‍රෙය් ඉන්නවානම්. ඒ ගැන වැඩි අවධානයක් නැත්නම්.  සාමාන්‍යයෙන් සමාන්‍ය දැනුම අඩු අය ඇති.

* Red Rose Beauty Photoshoot එක ගැනත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. කොහොමද මේ සඳහනා ඔබට ආරාධනාවක් ලැබුණේ සහ ඒ සඳහා ඔබ කැමැත්ත පළ කළේ?

American Beauty කියන චිත්‍රපටයද අදාළ දෙයක් තමයි Red Rose  Beauty  Photoshoot එක එහෙ එවකට  කරලා තිබුණේ. ඒ Photoshoot කරලා ඉවර වුණාම හැම රටකම වගේ ඒ සංකල්පය කළා එක එක පුද්ගලයින්. ඒ වගේම ලංකාවේ ඉන්න චතුරංග ගමගේ කියන ඡායාරූප ශිල්පියත් ඒක කරනන මට ආරාධනා කළා.  මිලින්ද කියලා එක්කෙනෙක් තමයි මට කතා කළේ. ඉතින් එයා මට ඒ පිළිබඳ සියලුම විස්තර කිව්වා. මමත් ඒ ගැන හොඳට හොයලා බැලුවා. ඒක හොඳ සංකල්පමය ඡායාරූප කියලා මට හිතුනා ඉතින් ඒ අනුව මම ඒකට සහභාගී වුණා.

* මෝස්තර නිරූපණ ශිල්පය ඇතැම් පිරිස් කියනවා ලංකාවේ සංකෘතියට ගැලපෙන්නේ නෑ. මෙහෙට ඕවා හොඳ නෑ කියලා. ඒ පිළිබඳව ඔබ මොනවගේ මතයකද ඉන්නේ?


ඔව් ඉතින් අපේ සංකෘතියත් එක්ක සීමා ගොඩාක් තියෙනවා. ඒ සීමා එක්ක තමයි අපි යන්න ඕන. එහෙම නැත්තනම් වැඩක් නෑ කියලයි මම කියන්නේ. මොකද අපිට ඕන දෙයක් කරන්න පුළුන් නමුත් ඒවා බලන්න රසවිඳින්න කවුරුත් නැත්නම් වැඩක් නෑ.

* ඔයා දවසක විවාහ වෙනවානම් ඒ පුද්ගලායාට  මොනවගේ ගතිගුණද තියෙන්න ඕන?

විවාහ වෙනවානම් හොඳ ගතිගුණ තියෙන එක්කෙනෙක්ව විවාහ වෙන්න ඕන අනිවාර්යයෙන්ම. ගොඩාක්  මාව ආරක්ෂා කරන එක්කෙනෙක්ට මම කැමතියි.
* විවාහ වෙන  පුද්ගලයා කිව්වොත් ඔයා  නිරූපණ ක්ෂේත්‍රෙයන් ඉවත් වෙන්න කියලා ඔයා මොකද කරන්නේ?

එහෙම පටු මානසිකත්වයක් තියෙන කෙනෙකුට මම කැමති වෙන එකක් නෑ. ඒක මට ප්‍රශ්නයක් නැතිවෙයි.

* අවසාන වශයෙන් නිරූපණ ක්ෂේත්‍රයට අලුතින් එන කෙනෙකුට ඔයාට මොකද කියන්න තියෙන්නේ?

නිරූපණ ක්ෂේත්‍රයට එන අයට කියන්නේ තියෙන්නේ මේ ක්ෂේත්‍රය හරිම ලස්සනටි කියලා පිටින් පේනවා. හොඳට වැඩ කළොත් , විනයගරුක ලෙස හිටියොත් මේ ක්ෂේත්‍රය හොඳයි. අනිවාර්යයෙන් දැන ගන්න ඕන මේ ක්ෂේත්‍රය හරිම සීමීතයි කියලා.





MOST VIEWED VIDEO STORIES

MORE >>