Back to Top

දෙකම බැලන්ස් කරන්න අමාරුයි...

November 17, 2014  

දෙකම බැලන්ස් කරන්න අමාරුයි...

එලොවත් මෙලොවත් අතර දෝලනය වන කතාන්රයක ප්‍රධාන  චරිතයක්  කිව්වොත් නිවැරදියි.   "කේ සෙරා"  චිත්‍රපටියේ මළවුන් අතර සිටින සැමැන්තානොහොත් යෝෂිණි අබේසේකර අද ආලින්දය හැඬගන්වන්න 
අපි
 ආරාධනා කළා.
 

 

 

* ඉතින් යෝෂිණි කොහොමද ජීවිතේ?

 

හොඳින් ඉන්නවා.

 

* කොහොමද මේ චිත්‍රපටයේ රඟපාන්න ඔබට ආරාධනාවක් ලැබෙන්නේ ?

 

මේ මගේ මාමාගේ චිත්‍රපටියක්.  මේකේ තිරපිටපත ලියනකොට මම පාසලේ හිටියේ. ගොඩාක් කතා බහ වුණා මේ ගැන. මාමාගේ පළවෙනි චිත්‍රපටිය වුණේ එක දා වැහි කියන චිත්‍රපටිය.  ඒ දවස්වල ඉඳලාම ආරාධනාවක් තිබ්බා.  නමුත් මම හිතුවේ නෑ මට හම්බවෙයි මේ චරිතය කියලා.  මොකද මේ චරිතය මේ ලෝකයේ නැති කෙනෙක් ගැන දිග හැරෙන්නේ.  අනිත් එක අමාරු චරිතයක්. මොකද මේ චරිතයට අඬන්නත් බෑ හිනා වෙන්නත් බෑ.  මොකද මළවුන් අතර ඉන්න කෙනෙක් ඒකයි.

 

 

 

* චිත්‍රපටියේ ඔබගේ චරිතය ඔබ සාධාරණයක් කළා කියලා හිතනවාද?

 

 මං හිතනවා අනිවාර්යයෙන්ම මං චරිතයට සාධාරණයක් කරා කියලා. චිත්‍රපටිය බලපු ගොඩාක් කට්ටිය කියලා තියෙනවා. ගොඩ කාලෙකින් නොදැක්ක චරිතයක් කියලා. ‍ඒක හොඳට  කරලා තියෙනවා කියලත් කියලා තියෙනවා.

 

 

* චිත්‍රපටිය තුළ ඔබගේ චරිතය ගැනත් මේ වෙලාවේ මතක් කරමු?

 

 

මං හිතන්නේ දැන් ඉන්න තරුණ තරුණියන්ට වුණත් ඒ චරිතයෙන් යම් කිසි දෙයක් අරගෙන ජීවත් වෙන්න පුළුවන් චරිතයක් ඒක. 

 

* රූපගත කරන අවස්ථාවන්වලදී අනිවාර්යෙන්ම ඔබට අමතක නොවු අත්දැකීම් ඇති?

 

දිල්හානි අක්කා නීටා අක්කා වැනි ක්ෂේත්‍රය තුළ ප්‍රවීණ අයත් එක්ක රඟපාන්න කාටවත් ලැබෙන්නේ නෑ. එයාලගෙත් ලොකු සහයෝගයක් තිබුණා මට. ලේසි නෑ උදේ පාන්දර යන්න ඕන. මහන්සි වෙන්න ඕන. ඒවා තමයි ඉතින්.

 

 

* මේ චිත්‍රපටියේ දර්ශන කනත්තක් ඇතුළතත පටිගත කරලා තියෙනවා.  මෙනාවගේ අත්දැකීම්ද   සම්බන්ධයෙන් ඔබට තියෙන්නේ?

 

 

 

මුලින්ම මට කිව්වාම ඒ ගැන මට බයක් හිතුනේ නෑ.  මොකද කට්ටිය එහෙම හිටියා. මගේ ගොඩාක්ම රූපගත කිරීම් තිබුණේ කනත්තේ තමයි. මං හරිම ආස වුණා ඒකට. හරිම නිස්කලංකයි අනිත් එක අලුත්ම අත්දැකීමක් ඒක. ඇත්තටම මට ලොකු අත්දැකීමක් වුණා. මොකද ඒවගේ දේවල් ජීවිතයට අත්දැකීමක්.   ‍අන්තිමට අපිට යන්න වෙන්නේ කනත්තට. මොකද ජීවතුන් අතර ඉන්නකොට කවුරුත් දන්නේ නෑ ඒ අත්දැකීම බයයිනේ.ඇත්තටම මට මේ අත්දැකීම ගොඩාක් වටිනවා.  හරිම දුකයි එතන.  

 

* කොහොමද ඉදිරි සැලසුම් එහෙම?

 

 

 

දැනට ගොඩාක් හොඳයි.  බලන්න ඕන ඉස්සරහට මොනවද මට කරන්න තියෙන්නේ කියලා. මොකද ‍ මම  රංගන කටයුතු වුණත් ආසයි වෙනස් දෙයක් කරන්න.  මේ කරපු චරිතය වගේම මං ආස වෙනස් විදියේ චරිත කරන්න.

 

* කොහොමද දැන් මේ චිත්‍රපටියත් එක්කම ඔබට අලුත් කලා කටයුතු වලට ආරාධනා ලැබිලා තියෙනවාද?

 

දැනය මට ආරාධනා කිහිපයක්ම ලැබිලා ති‍‍බෙනවා. මම ගුරුවරියක් ඉතින් මම දැනට වෘත්තීය මට්ටමෙන් ඒ දේවල කරන නිසා මට මේ වෙනකොට ටිකක් අමාරුයි මගේ කාලය කැප කරන්න.  මේක සුළු දෙයක් නොවෙයි.ගොඩාක් කාලය අරගෙන කරන්න ඕන දේයක් කලාව කියන්නේ.   මං හිතන්නේ මං මේ අවුරුද්දේ අන්තිමට තීරණය කරන්න ඕන මොන වෘත්තීයද මම තෝරා ගන්නේ කියලා. මම ආසවෙන් කරන දෙයක් තමයි ගුරු වෘත්තීය කියන්නෙත්. ඒ වුණාට අමාරුයි දෙකම බැලන්ස් කරන්න බෑ.

 

* පුද්ගලයෙක් ජනප්‍රි වෙනකොට කටකතා හැදෙනවා.  සම්බන්ධයෙන් මොනවගේ අදහස්ද තියෙන්නේ?

 

 

 

රඟපෑම නිසා නෙවෙයි ඕනෑම දෙයක් කරද්දි අනිවර්යයෙන් කටකතා හැදෙනවා. ඉතින් ඒක ලෝකයේ සාමාන්‍යයෙන් වෙන දෙයක්.  ගොඩාක් මං හිතන්නේ ඒක ගෑණුන්ට බලපානවා. මොකද ගෑණු කෙනෙක්ව මනිනව හරි ඉක්මනට සමාජය. නමුත් මමනම් ඒ දේවල් පෞද්ගලිකව බාරගන්නේ නෑ.  මොකද මම දන්නවා මාත් එක්ක ඉන්න අය දන්නවා මං කවුද කියලා. සමහරක් විට ඒකත් හොඳයි මොකද මගේ වැරැද්දක් තියෙනවා නම්. ඒක කාටවත් කෙලින්ම කියන්න බැරිනම් කාටහරි කියලා මට ආරංචිය අවොත් එහෙම මට ඒ වැරැද්ද හදා ගන්නත් පුළුවන්නේ.

 

 

* ආදරය සම්බන්ධයෙන් මොනවගේ අදහස්ද ඔබට තියෙන්නේ?

 

ඔව්. මම ආදරේ කරනවා. ආදාරේ කරන්න ඕනන ඉතින්. ජීවිතය තුළ තනිවම ජීවත් වෙන්න බැහැනේ.

 

* මේ වන විට පෙම්වතෙක් එහෙම ඉන්නවා ඇති නේද

 

 

ඉන්නවා පෙම්වතෙක්. එයා ඉන්ජිනේරුවරයෙක් .මං දැන් ළඟදීම විවාහ වෙන්නත් බලාපෙ‍ාරොත්තුවෙන් ඉන්නවා.  ඒ සඳහා මේ වන විටත් අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතිනවා.

 

 

* කොහොමද අනාගත  සහකරුවාව මුණ ගැසෙන්නේ?

 

නම නම් ප්‍රවීන් ගුණ‍සේකර. දැන් අවුරුදු තුනකට කලින් යාළුවෝ කට්ටියක් එක්ක නිවාඩුවක් ගත කරන්න ගිහිල්ල‍ා තමයි හම්බවුණේ.  මං කරන දේවල්වලට පිටිපස්සෙන් ඉඳළා මට උදව් කරනවා එයා. නීතිරීත දාන්නේ නැති. හරි දෙයක් කරනවානම් හොඳට හිතලා බලලා කරන්න කියලා එයා මට කියලා තියෙන්නේ. ඒ දේවල් කරනවා නම් අනාවාර්යයෙන් අහලා කරන්න කියලා මට උපදෙස් දෙනවා එයා. ඒ තේරුම් ගැනීම තියෙනවා නම් හං හිතන්නේ ඕනෑම කෙනෙකුට ගොඩාක් දුර ගමනක් යන්න පුළුවන් කියලා මං හිතනවා.

 

 

 

* යෝෂිණිගේ පාසල ගැනත් මතක් කරමු මේ වෙලාවේ?

 

 මං ඉගෙන ගත්තේ කොළඹ කාන්තා විදුහලෙන්. එ කටයුතු කරල මං මෝස්තර නිරූපණයට ආවා. වෙළඳ දැන්වීම් වලට පෙනී සිටියා. වෙළඳ දැන්වීම් වල ගොඩාක් දුරට පෙනී සිටියේ අම්මා කෙනෙක්ගේ චරිත තමයි. ඊට පස්සේ මං වැඩිදුරටත් ඉගෙන ගත්තා. මං ඊට පස්සේ පෙර පාසල්  පාඨමාලාවක් හැදෑරුවා.

 

* කොහොමද අනාගත බලාපොරොත්තු?

 

 

මං බලාපොරොත්තු වෙනවා මගේම කියලා  පෙර පාසලක් අනාගතයේදී ආරම්භ කරන්න. එතකොට රංගනයයි ගුරු වෘත්තීයයි දෙකම බැලන්ස් කරගෙන යන්න පුළුවන්.

 


 

* පවුලේ විස්තර ගැනත් ඔබට අතහිත දීපු අයත් මේ වෙලාවේ මතක් කරන්න ඕන?

 

 

මගේ මාමා තමයි මට චිත්‍රපටි අත්දැකීම් ගෙනල්ල දුන්නේ.  අපිව අනිවාර්යයෙන් එයාගේ දුවලා දෙන්නත් එක්කම චිත්‍රපටි බලන්න එක්කන් යනවා. එහෙම ගිහිල්ල ඒ චිත්‍රපටි බලන විදිය ගැනත් අපිට ඒ දවස්වල ඉඳළාම කියලා දෙනවා. පවුලෙන් ගොඩාක් සහයෝගය තියෙනවා. මට මල්ලී කෙනෙක්  ඉන්නවා. එයා තාම පොඩියි. මං හිතන්නේ පවුලෙන් ලොකු සහයෝගයක් තියෙනවා.

 

මට ගොඩාක් අය ලොකු සහයෝගයක්ප දුන්නා. ඒ වගේම දෙරණ ආයතනයටත් මං ස්තූතිවන්ත වෙනවා මේ වෙලාවේ. මොකද මට ලොකු සහයෝගයක් ලැබුණා. 

MOST VIEWED VIDEO STORIES

MORE >>