Back to Top

ජවිපෙ නායකයා ජනපති හමුවෙයි

January 15, 2015  


එක්ළොස්වන දින පස්වරුවේ ලාල්කාන්ත සහ අනුර දිසානායක ජවිපෙ යෝජනාවත් සමග ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවීමට ගියහ. ජාතික විධායක සභාව පිළිබඳ තම යෝජනාව ජවිපෙ නායකයෝ ඉදිරිපත් කළහ. එමෙන්ම එම සභාව විසින් අවධානයට ගැනෙන කරුණු සහ ව්‍යූහය පිළිබඳව දළ සැකැස්මක් ජවිපෙ නායකයින් විසින්  ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවේ තබන ලදී. ජවිපෙ යෝජනාව කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් එකඟතාවය පළකළහ. නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට අවස්ථාවක් ලබාදීමට ඩිව් ගුණසේකරද එම ජාතික විධායක සභාවට ඇතුළත් විය යුතු බවට ජවිපෙ කළ යෝජනාවට වත්මන් ආණ්ඩුවෙන් යහපත් ප‍්‍රතිචාරයක් ලැබුණේ නැත.

එම එකඟතාවයෙන් පසුව ජාතික විධායක සභාවේ ඉදිරි වැඩකටයුතු සැලසුම් විය. විජිත හේරත්, අනුර දිසානායක සුමන්තිරන් ඇතුළු පිරිස ජාතික විධායක සභාවට ඉදිරිපත් කිරීම සඳහා දළ කෙටුම්පතක් සකස් කළෝය. ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ,ව්‍යවස්ථාදායක ප‍්‍රතිසංස්කරණ,ආයතනික ප‍්‍රතිසංස්කරණ,ජනතා සහන සහ දූෂිතයින්ට දඬුවම් දීම යන ප‍්‍රධාන කරුණු පහ පිළිබඳව එම ජාතික සභාවේදී තීන්දු තීරණ ගැනීමට යෝජනා විය. පාප්වහන්සේගේ පැමිණීමෙන් කාර්යබහුල වී සිටි ජනාධිපතිවරයා ජාතික විධායක සභාව රැස්කිරීමට තීරණය කළේ පහළොස්වන දින පස්වරුවේය. එය පළමු හමුවීම වූ අතර එහිදී ජාතික විධායක සභාවේ ව්‍යූහය සහ අවධානයට ගත යුතු ප‍්‍රධාන කරුණු පිළිබඳව සාකච්ඡා ආරම්භ විය.

පසුගිය 13වෙනිදා ජනතා විමුක්ති පෙරමුණේ දිස්ති‍්‍රක් සංවිධායකවරුන් කොළඹට කැඳවා තිබිණි. ඒ පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් ගන්නා ලද තීන්දු තීරණ පිළිබඳ දැනුම්දීමටය. පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති එම හමුවට ජවිපෙ නායකයා ප‍්‍රධාන ලේකම් ඇතුළු පක්ෂ නායකයින්ද සහභාගි විය.

 

අපි ආණ්ඩුවට යයි කියලා ජනතාවගේ බලාපොරොත්තුවක් තිබුණා. දිස්ති‍්‍රක් සංවිධායකවරුන් කිහිප දෙනෙක් ජනතාවගේ මතය ප‍්‍රකාශ කළේය.

 

මේ දින 100ටත් ඇමතිකම් ගන්න පොරකාපු විදිය ගැන හරිම කණගාටුයි. සමහරුන්ට දුන්නු අමාත්‍යංශ ගත්තාමත් ප‍්‍රශ්න තියෙනවා. අමාත්‍යංශ විෂයන් බෙදපු විදියත් අවුලක් ලාල්කාන්ත කීවේය. ජනාධිපතිවරණයේදී අපි ගත්තු තීන්දුවත් මිනිස්සුන්ට පස්සේ තමයි තේරුණේ. අපි ආණ්ඩුවට නොගිහින් සහාය දෙන්න ගත්ත තීරණයත් වැඩි කල් යන්න කලින් මිනිස්සු තේරුම් ගනීවි. සෝමවංශ අමරසිංහ කීවේය.

පාප්වහන්සේ මුණගැසීමට විජිතට අවස්ථාවක්

මේ අතර 13වෙනි දින පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ පාප්වහන්සේ අතර නිල හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ඒ සඳහා කැබිනට් මණ්ඩලයට සහ විශේෂ ආරාධිතයින් සුළු පිරිසකට ආරාධනා ලැබී තිබිණි. ඒ අවස්ථාවට ජවිපෙ නියෝජනය කරමින් විජිත හේරත් සහභාගි විය. එහිදී ජනාධිපතිවරයා විසින් පාප්වහන්සේට සමරු තිළිණයක් ප‍්‍රදානය කළ අතර සමරු මුද්දරයක්ද එළිදැක්වීය. ජනාධිපතිවරයා ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව පැමිණි සිටි පිරිසට පාප්වහන්සේ මුණ ගැසීමට අවස්ථාවක් උදාවූ අතර විජිත හේරත්ටද පාප්වහන්සේ පෞද්ගලිකව මුණ ගැසීමට අවස්ථාවක් උදාවිය.

 

 

MOST VIEWED VIDEO STORIES

MORE >>