Back to Top

හඳුන්නෙත්තිගේ පැමිණීමෙන් යූ.ඩී.ඒ කැළඹේ

January 15, 2015  


ජවිපෙ අල්ලස් කොමිසමට පැමිණිල්ලක් භාරදුන් 13වෙනි දින පස්වරුවේ සුනිල් හඳුන්නෙත්ති නාගරික සංවර්ධන අමාත්‍යංශයට ගියේය. ඒ,ඔහුගේ මිතුරෙකු මුණ ගැසීමටය. සුනිල් හඳුන්නෙත්ති තම මිතුරාද මුණ ගැසී එම අමාත්‍යංශයේ අධ්‍යක්ෂවරයෙක්ද මුණගැසුණේ මිතුරාගේ ඉල්ලීමකට අනුවය. මන්ත‍්‍රීවරයා අධ්‍යක්ෂවරයා සමග සුළු මොහොතක් කතාබහ කරමින් සිට අමාත්‍යංශයෙන් පිටව ගියේය.

 

අපේ අමාත්‍යංශයේ වංචා දූෂණ හොයන්න භාරදීලා තියෙන්නේ සුනිල් හඳුන්නෙත්තිටලූ. ඒකනේ මන්ත‍්‍රී ඇඳුමෙන් එන්නෙත් නැතිව ආරක්ෂකයොත් නැතිව සාමාන්‍ය මිනිහෙක් වගේ ඇවිත් තියෙන්නේ අමාත්‍යංශයේ නිලධාරීන් අතර කතාබහ වෙන්නට පටන් ගත්තේය. මේ කතා බහ හඳුන්නෙත්තිගේ මිතුරාටද ආරංචි වූයේය. අනතුරුව ඔහු සුනිල් හඳුන්නෙත්තිට දුරකතන ඇමතුමක් ගත්තේය.

 

ආයෙත් සතියකින් විතර ඇවිත් ගියානම් හරි. මොකද අපේ අමාත්‍යංශයේ සමහරු හොඳටම බයවෙලා. යු.ඩී.ඒ. එකේ වංචා දූෂණ හොයන්න භාර දීලා තියෙන්නේ හඳුන්නෙත්තිට කියලා අමාත්‍යාංශය පුරාම කතාවක් යනවා. හිතවතා හඳුන්නෙත්තිට කීවේය.

 

MOST VIEWED VIDEO STORIES

MORE >>