Back to Top

ආණ්ඩුවට සැකයි මෛත‍්‍රීපාල දිනුවොත් කේ.පීගෙන් තොරතුරු ටික ගනී කියලා

December 12, 2014  


 

 

විජිතට කේ.පී. ගැන ඇමතුමක්

 

 

විජිත හේරත්ට දුරකථන ඇමතුමක් ලැබුණේ ස්විස්ටර්ලන්තයේ සිටින ශ‍්‍රී ලාංකිකයෙකුගෙනි. ඔහු විජිත හේරත්ට දුන් දුරකථන ඇමතුමෙන් කියා සිටියේ කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන් පිළිබඳව ප‍්‍රවෘත්තියකි.

 

විදෙස් මාධ්‍යවල වෙබ් අඩවිවල පළවෙලා තියෙනවා කේ.පී ඉන්දියාවට බාරදෙන්න කියලා ඉල්ලීමක් තියෙනවා කියලා. මොකක්ද මේකේ ඇත්ත කතාව. ඔහු විජිතගෙන් විමසීය.

 

 

මේ වෙලාවේ ආණ්ඩුවට සැකයක් තියෙනවා. මෛත‍්‍රීපාල දිනුවොත් කේ.පීගෙන් තොරතුරු ටික ගන්නවා කියලා. කේ.පී.ගෙන් නැව්, මුදල් ගත්ත තොරතුරු හෙළිවෙන්න කලින් කේ.පී. රටින් පිටත් කරන්න සැලසුමක් වෙන්නත් පුළුවන් මේක. නැතිනම් මේ හදිසියේ කේ.පී. වෙන රටකට භාර දෙන්න ආණ්ඩුවට වුවමනාවක් නැහැ. විජිත හේරත් කීවේය.

 

 

ජවිපෙ පත‍්‍රිකා රටපුරා

 

 

 මේ අතර ජවිපෙ සෑම නිවෙසකටම අත්පත‍්‍රිකාවක් බෙදාහැරීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කළේ පසුගිය 10වෙනිදාය. මැතිවරණය වෙනුවෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකළද ජවිපෙ මේ වනවිට දිස්ත‍්‍රික්ක පුරා ප‍්‍රධාන රැලි සහ ජනහමු මාලාවක් සංවිධානය කර තිබේ. ඊට සමගාමීව අත්පත‍්‍රිකා බෙදාහැරීමේ වැඩසටහනද ආරම්භ කළේය. 10වෙනිදා ජවිපෙ නායකයින්ගේ සහභාගිත්වයෙන් කොටුව දුම්රියපොළ අසලින් ආරම්භ කළ අත්පත‍්‍රිකා බෙදාහැරීමේ වැඩසටහන දිවයින පුරා ප‍්‍රධාන නගරවලදී කි‍්‍රයාත්මක විය.

 

ජවිපෙ මධ්‍යම කාරක සභික උතුරු මැද පළාත් සභා මන්ත‍්‍රී වසන්ත සමරසිංහගේ මව පසුගිය 08වෙනිදා අභාවප‍්‍රාප්තවිය. එම මාතාව මිය යනවිට හැත්තෑහතර වියේ පසුවූ අතර ඇය පදිංචිව සිටියේ තඹුත්තේගම නවනගරයේ දෙවන පියවරේය. වසන්ත සමරසිංහගේ මාතාවගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජවිපෙ නායකයෝ සහ සාමාජිකයෝ රැසක් තඹුත්තේගමට පැමිණියහ. කාර්යබහුලව සිටින මේ අවස්ථාවේ වෙහෙස නොබලා තඹුත්තේගමට ගොස් වසන්ත සමරසිංහගේ මවගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජවිපෙ නායකයෝ කටයුතු කළහ.

 

 

 

 

 

MOST VIEWED VIDEO STORIES

MORE >>