Back to Top

මෛත‍්‍රී ගියපු එක ඉන්න අපිට හොඳයි - ඇමතිවරයෙක් විජිතට කියයි

December 5, 2014  


පසුගිය සතියේ දිනෙක විජිත හේරත් පලස්තීන සහයෝගිතා දිනයට පක්ෂය නියෝජනය කරමින් සහභාගි විය. ජාතික පුස්තකාලයේදී එම උත්සවය පැවැත්විණි. සම සභාපතිවරුන් ලෙස අතාවුද සෙනෙවිරත්න සහ ඉමිතියාස් බාකීර් මාකර් පත්වී සිටියද අතාවුද උත්සවයට පැමිණියේ නැත.

මෙහිදී විජිතගේ කතාවේදී අවධානය යොමු වූණේ ජනවාරි 06 සිදුවූ ජනපතිගේ පලස්තීන සංචාරයයි. ජනවාරි මාසයේ ජනාධිපතිවරයා පලස්තීනයට ගියා. ඒ වෙලාවේ පලස්තීන සහයෝගිතා ව්‍යාපාරයේ සභාපති මහින්ද. පලස්තීනයෙන් ගෞරව නාමයක් ගත්තා. ඊට පස්සේ දින දෙකකට පස්සේ ඊශ‍්‍රායලයට ගියා.

ඒ වෙලාව කියන්නේ ඊශ‍්‍රායලය පලස්තීනයට බෝම්බ දාන වෙලාවක්. අපේ විදේශ අමාත්‍යංශය දාපු නිවේදනයේ කිසිදු තැනක ඊශ‍්‍රායල් ප‍්‍රහාර හෙළාදැකලා තිබුණේ නැහැ. අඩුම තරමේ පලස්තීනය රාජ්‍යයක් ලෙස සඳහන් වෙලා තිබුණේ නැහැ.

ලතින් ඇමරිකානු රටවල් ඊශ‍්‍රායල් තානාපති කාර්යාල දාලා ආවා. නමුත් ලංකාවේ රාජ්‍ය නායකයා ඊශ‍්‍රායල් සංචාරයකට යනවා. අද රාජ්‍යතාන්ත‍්‍රික ගනුදෙනු එහෙමයි. විජිතගේ කතාවට සියලූ දෙනාගේ අවධානය යොමු වුණා. තානාපතිවරයාද විජිතට ප‍්‍රසංශා කළේය.

එම ස්ථානයට සුසිල් පේ‍්‍රමජයන්ත ඇමතිවරයාද පැමිණ සිටියේය. ඔහු විජිත හේරත් සමග ජනාධිපතිවරණය ගැන කතාවක පැටලූණේය. මොකද වෙන්නේ තවත් අය පනින්න ඉන්නවද දන්නේ නෑ නේද? විජිත සුසිල්ගෙන් විමසීය.

මම හිතන්නේ නැහැ තවත් අය යයි කියලා. හැබැයි ඇතුළේ අය කතාවෙන්නේ මෛත‍්‍රීපාලලා ගියපු එකෙන් ඉන්න අයට තැනක් ලැබිලා කියලා. අනුර පි‍්‍රයදර්ශනට පක්ෂ ලේකම්කමක් ලැබෙනවද නැත්නම්. අපේ අගයත් වැඩිවෙලා. කියන දේවල් ටිකක් අහනවා සුසිල් විජිතට පිළිතුරක් දුන්නේය. ඒ වුනාට ඉතින් ඔය පිළිගැනීම ජනවාරි 08න් පස්සේ ඉවරනේ විජිත කීවේ විහිළුවටම නොවේ.

මේ අතර කොළඹ මහකොමසාරිස් කාර්යාලයක පැවැති උත්සවයකටද විජිත හේරත් සහභාගි විය. ඒ උත්සවයට ආණ්ඩුවෙන් ඉවත් වූ නවීන් දිසානායකද සහභාගි වී සිටි අතර ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිපදෙනෙක්ද පැමිණ සිටියේය. යූ ආ වෙල්කම් විජිත හේරත් නවීන් දිසානායකට විහිළුවක් කළේය. අගේන් වෙල්කම් මංගල සමරවීරද කීවේය. මේ අතර පැමිණ සිටි ආණ්ඩුවේ ඇමතිවරුන් සමගද විජිත හේරත් තොරතුරු කතාබහ කළේය.

මොකද මේ අස්වර් අයින් වුණේ. ඒක ඔබතුමාලට පාඩුයිනේ. කමලා වගේ කෙනෙක් අයින් කළානම් හරිනේ. විජිත කීවේය. කමලා ශ‍්‍රීලනිප නිසා අයින් කළොත් අවුලක්. අනික අස්වර්ට ඔය ප‍්‍රශ්නේ එන්නේ මාස දෙකයි. අමීර් අලිට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයක් දෙන්න මීට අවුරුදු දෙකකට කලින් එකඟතාවයක් දුන්නා. ඇමතිවරයා පිළිතුරු දුන්නේය.

මොකද ඒ මාස දෙකේ කතාව. එහෙනම් අමීර් අලි ආවත් මාස දෙකයි නේද? විජිත විමසීය. ඔව්, ඔව් කොහොමත් ජනාධිපතිවරණය ඉවර වුණු ගමන් මහ මැතිවරණය කැඳවනවා. ඇමතිවරයා කීවේය.

බොදු බලේ පටලවගත්තේ මොකද මේ වෙලාවේ විජිතගෙන් තවත් ප‍්‍රශ්නයකි.ලොක්කා දන්නවා මේ වෙලාවේ මුස්ලිම් ඡන්ද ලැබෙන්නේ නැහැ කියලා. ඒක නිසා තමයි බොදු බලේ ලවා කියවගත්තේ. කොහොම තරුණ බෞද්ධ ඡන්ද ටික දාගන්න පුළුවන්. ඇමතිවරයා කීවේය.

 

MOST VIEWED VIDEO STORIES

MORE >>