Back to Top

කවදාවත් මම පිටිපස්සේ ඉඳන් පිහියෙන් අනින්නේ නෑ

November 17, 2014  


 

 

පිවිතුරු හෙටක් වේදිකාවට ගොඩ වූ නියෝජ් නායක සජිත් පේරමදාස සමග පූජ් මාදුලූවාවේ සෝභිත හිමි කතාබහක නිරත වුණා.

 

 ‘‘සජිත් මම ඔයාට හම්බ වෙන්න කියලා කිව්වට ඔයා මාව හම්බ වුණේ නෑනේ.’’

 

 ‘‘අපේ හාමුදුරුවනේ මම පහුගිය කාලේ හම්බන්තොට දිගටම හිටියේ’’

 

 ‘‘ඒකට කමක් නෑ ඉක්මණින්ම මාව හමුවෙන්න’’

 

 ‘‘හොයි හාමුදුරුවනේ’’,කියපු සජිත් අද උදෑසන උන්වහන්සේ මුණ ගැහුණා.

 

 ‘‘සජිත් ඔයා මොකද හිතන්නේ ඉදිරි දේශපාලනය ගැන ?’’

 

 ‘‘අපේ හාමුදුරුවනේ මම 2012 න්ම ඉන්නේ නායකතුමා නැත්නම් මම ඡන්දෙට එනවා කියන තැනක. මම හිතන්නේ නායකතුමා වටේ මේ සියලූ බලවේග එකතුවුණොත් අනිවාර්යයෙන්ම එතුමා ජනාධිපති වෙනවා, මොකද යූ එන් පී ලක්ෂ ඡන්ද 40 ක් තියෙනවා.’’


 

‘‘මම නායකතුමාට පොරොන්දුවෙලා තියෙනවා එතුමාව දිනවනවා කියලා, කිව්ව වගේම ඒක කරනවා. කවදාවත් මම පිටිපස්සේ න් පිහියෙන් අනින්නේ නෑ.’’

 

සජිත් තමන්ගේ ස්ථාවරය සෝභිත හිමිට කිව්වා.

MOST VIEWED VIDEO STORIES

MORE >>