Back to Top

මම මහින්දත් එක්ක එකට හිටියා ජාතික ප‍්‍රශ්නයේදී. ඒත් දැන් රට කනවා.

October 17, 2014  

 

 

 

අතුරලියේ රතන හිමියන් විසින් සම්පාදිත 19වැනි ව්යවස්ථා සංශෝධනය එළිදක්වන අවස්ථාවට ජවිපෙ නියෝජනය කරමින් සුනිල් හඳුන්නෙත්ති සහභාගි විය. දේශපාලඥයින්ට වෙන්කරන ලද ආසන අදාළ පුද්ගලයින්ගේ නම්වලින් වෙන්කර තිබුණි. මෙම අවස්ථාවේ රධාන කථිකයෙක් වූයේ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාය. ඔහු ජේ.ආර්. ජයවර්ධනටත් රබල විවේචනයක් එල්ල කළේය. එමෙන්ම මහින්ද රාජපක්ෂටද දැඩි වාග් රහාරයක් එල්ල කළේය. සරත් සිල්වාගේ අදහස් දැක්වීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂත් රනිල් විකරමසිංහත් අසුන්වැලින් නැගිට පිටත්ව ගියෝය. දෙදෙනා ආවේ වෙනමය. ගියේ එකටය.

 

 

මේ අතර සෝමරත්න දිසානායක පාලකයින්ට බැලමෙහෙවරකම් කරන කලාකරුවන්ට දෙහි කැපුවේය. කේවට්ට කලාකරුවන් ගැන අපි කණගාටු විය යුතුයිඔහු කීවේය. මෙය අසාගෙන සිටි සුනිල් හඳුන්නෙත්තිට  ගැන මොකුත් නොකියාම බැරිවිය. අසල සිටියේ චම්පික රණවකය. මෙයා මේ රසිද්ධියේ කියන්නේ මීට කලින් එයාම කරපු දේවල් ගැන නේද?” හඳුන්නෙත්ති චම්පිකට කීවේය. චම්පිකත් ඔලොක්කුවට සිනාවක් දැම්මේය.

 

 

ඒක නෙවෙයි. ඔයාලා මේ මොකක්ද කරන්න යන්නේ?” චම්පික රණවක හඳුන්නෙත්තිගෙන් විමසුවේය. අපි ඉස්සරහට ලොකු වැඩ ටිකක් දාගෙන තියෙනවා. කොළඹට ලොකු සෙනඟක් ගෙනත් විරෝධතා රැලියක් කරන්නත් ඉන්නේ. අපි මේ නීති විරෝධී ජනාධිපතිවරණය නවත්වන්න කරන්න පුළුවන් හැමදේම කරනවා. ඔයාලටත් දැන් ඇතුළේ ඉන්න බැරිවෙයි නේද?” හඳුන්නෙත්ති ඇසීය. චම්පික සිනාසුනා මිස මුකුත් කීවේ නැත.

 

 

සියලූ පත්කිරීම් අරලියගහ මන්දිරෙන් 

 

 

මේ දිනවල නීති ක්ෂේතරයේද මහින්දට බැරි බව සාකච්ඡාවට ලක්වෙමින් තිබේ. ජවිපෙ සුනිල් වටගල හා කතාවට වැටුණු ශ්රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙක්ද වත්මන් අගවිනිසුරුවරයා සම්බන්ධයෙන්ද අදහස් පළකළේය. ඔහු රී ලංකා නිදහස් පක්ෂයට නීති උපදෙස් ලබාදුන් ආර්.කේ.ඩබ්. ගුණසේකර වැනි ජ්යෙෂ්ඨයින් යටතේ නීති කටයුතු කරන අයෙකි.

 

 මචං ආණ්ඩුවේ වැඩේ හොඳටම අවුල් වෙලා. මම මහින්දත් එක්ක එකට හිටියා ජාතික රශ්නයේදී. ඒත් දැන් රට කනවා. මේ උසාවිවලින් දැන් වැඩක් නැහැ. රී ලංකා එකේ කාර්යාල වගේ. සරත් සිල්වා විශරාම ගන්නකොට මට එයා ගැන අදහසක් තිබුණා. මහේස්තරාත්වරු පත්කරනකොට එයා අරලියගහ මන්දිරේ ලිස්ට් එක අනුවම දැම්මේ නැහැ. නමුත් දැන් එහෙම නෙවෙයි. හැම පත්වීමක්ම කෙරෙන්නෙ අරලියගහ මන්දිරේ ලිස්ට් එකට අනුව. අර නියඟය වෙලාවේ මොනරාගලට විතරක් මුදල් දෙන්න කියලා දුන්නු නඩු තීන්දුවෙන් මුළු අධිකරණයම හෑල්ලූ වුණා.නීතිඥයා සුනිල් වටගලට කීවේය.

 

 

 

අපි  ඕක මුලින්ම කිව්වා. දැන් රශ්නය තියෙන්නේ මේක මිනිස්සුන්ට තේරුම් කරලා දෙන එකයි.වටගල කීවේය. ජේ.වී.පී එක ගැන මට පැහැදීමක් තියෙනවා. උඹලා විතරයි පාර්ශවයක් ගන්නේ නැතිව රශ්නය හරියට කතා කරන්නේ. ජේ.වී.පී එක තමයි සිවිල් සමාජය දැනුවත් කරන වැඩේ හරියටම කරන්නේ. මට  ගැන නම් විශ්වාසයක් තියෙනවා.නීතිඥයා කීවේය.

 

 

අපි ඒකට වැඩක් ආරම්භ කරලා තියෙන්නේ. රජාතන්තරවාදය සඳහා ජනතා ව්යාපාරයෙන් අපි සම්මන්තරණ කරනවා රටපුරා. කොළඹත් තියෙනවා. ඒකට ඇවිත් කතාවක් කරන්න. අපි ඔයාගේ අදහස කියන්න ඉඩ හදලා දෙන්නම්සුනිල් වටගල ඔහුට ඇරයුම් කළේය.

MOST VIEWED VIDEO STORIES

MORE >>