Back to Top

ගොඩාක් අය සිවුර දාගෙන බොරු දේවල් කරන්නේ

October 9, 2014  


 

 

සියම් මහ නිකායේ කෝට්ටේ ශ‍්‍රී ධර්ම මහ සංඝ සභාවේ මහනායක බෙල්ලන ශ‍්‍රී ඥානවිමල ස්වාමින්වහන්සේගේ අදාහන පූජෝත්වයට සෝමවංශ අමරසිංහද සහභාගි විය. අදාහන පූජෝත්වයෙන් පසුව මහනායක ස්වාමින්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන්වහන්සේ කිහිපනමක් මහනායක හාමුදුරුවන් පිළිබඳ සෝමවංශ අමරසිංහ සමග අදහස් දැක්වුහ. නායකස්වාමින් වහන්සේගේ පුරප්පාඩුවට ඉත්තෑපානේ ධම්මාලංකාර හාමුදුරුවෝ පත්කළා නේද?” අමරසිංහ විමසීය.නැහැ එක් ස්ථිර පත්වීමක් නෙවෙයි. තාවකාලික එකක්. සංඝ සභාවේදී තමයි පත්වීම් කරන්නේශිෂ්‍ය ශික්ෂූන්වහන්සේ නමක් පැවසූහ. අපේ ලොකු හාමුදුරුවෝ ඉතාම දක්ෂ හිමිනමක්. උන්වහන්සේට අග්ගමහා පණ්ඩිත නාමය ලැබුණේ බුරුමයෙන්. ඒ තනතුරට පත්වෙන්න බුදුදහම ගැන හොඳ දැනුමක් තියෙන්න  ඕනෑ. ඒ වගේම භාෂා කිහිපයක් දැනගෙන ඉන්න  ඕනෑ. අපේ හාමුදුරුවෝ ඒ අතින් ගොඩාක් දක්ෂයි. දැන් ලේසියෙන් එහෙම අය හොයන්න නැහැ මේ බුද්ධ ශාසනේ. ගොඩක් අය සිවුර දාගෙන බොරු දේවල් කරන්නේ. ශාසනේට ගොඩාක්ම වටින කෙනෙක් තමයි නැති වුණේශිෂ්‍ය භික්ෂූන්වහන්සේ ශෝක බරිතව මහනායකහිමියන්ගේ ගුණ සිහිපත් කළහ.

 

අයවැයට පෙර වැඩකරන ජනතාව කොටුවට

 

 

ආණ්ඩුව අයවැය වෙනදට වඩා කලින් ගේන්න හදන්නේ. අපේ වැඩසටහන් යෙදිලා තියෙන්නේ කොහොමද?” විජිත හේරත් ලාල්කාන්තගෙන් විමසීය. අපි රට පුරා සම්මන්ත‍්‍රණ මාලාවක් දාගෙන තියෙනවා. අයවැයට කලින් වැඩකරන ජනතාව කොටුවට ගේනවා.ලාල්කාන්ත කීවේය. ආණ්ඩුව අයවැය ඔක්තෝබර් 24වැනිදා ඉදිරිපත් කරන්න යන්නෙ. ආණ්ඩුව හදලා තියෙන්නේ ඡන්ද අයවැයක්. ඒ නිසා මේකේ ඇත්ත තත්ත්වය ජනතාවට පහදලා දෙන්න ඕනෑ.විජිත කීවේය.

 

එහෙනම් අපේ කාලසටහන් වෙනස් කරන්න වෙයි. අපි වැඩබිම් මට්ටමෙන් දිවයින පුරාම වැඩසටහන් මාලාවක් දාලා තියෙනවා. අපේ සටන් පාඨ අසාධාරණයි කියන්න කාටවත් බැහැ. ජීවන වියදමට අනුව ආණ්ඩුව වැටුප් වැඩි කළ යුතුමයි. වැටුපට එල්ලලා තියෙන දීමනා වැටුපට එකතු කළ යුතුයි. ආණ්ඩුවේ වෘත්තීය සමිතිවලටවත් ඒවට විරුද්ධ වෙන්න බැහැ. අපි ළඟදිම කොටුවේ දැවැන්ත උද්ඝෝෂණයක් කරලා ආණ්ඩුවට පණිවිඩයක් දෙනවා.ලාල්කාන්ත කීවේය.

MOST VIEWED VIDEO STORIES

MORE >>