Back to Top

ඇයි මේ මිනිස්සු කුපිත වෙලා

October 3, 2014  



එක්සත් ජාතික පක්ෂය සමගි කිරීමෙන් පසු මහලේකම් තිස්ස අත්තනායක දකුණු ඉන්දියාව බලා පිටත් වුණා. තිරුපති කෝවිලට ගොස් ආශිර්වාද ජූජාවක් පැවැත්වීම තිස්සගේ දකුණු ඉන්දීය සංචාරයේ අරමුණ වුණා.

දකුණු ඉන්දියාව බලා ගිය තිස්සට එරට මධ්‍යම රජයේ බුද්ධි අංශ නිලධාරීන්ගේ ආරක්ෂාව හිමිවුණා.

ආශිර්වාද පූජාවෙන් අනතුරුව චෙන්නායි නුවර පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණයකට තිස්ස ආරක්ෂක නිලධාරීන් සමග ඇතුළු වුණා.

මිළදී ගත් භාණ්ඩවලට තිස්ස මුදල් ගෙවනවාත් සමග දිගට හරහට වෙළඳ සංකීර්ණයට ගල්මුල් ප‍්‍රහාර එල්ල වුණා.


වහාම ආරක්ෂක අංශ මැදිහත් වී තිස්ස වාහනයට දමාගෙන නැවතී සිටි හෝටලය බලා ගමන් ආරම්භ කළා.

 ‘‘ ඇයි මේ මිනිස්සු කුපිත වෙලා. ’’  තිස්ස ආරක්ෂක අංශවලින් ඇහුවා.


‘‘ ජයලලිතා සිරගත කරලා. නඩු තීන්දුව දැනගත් ජනතාව කුපිත වෙලා දේපලවලට පහර දෙනවා. ’’


 ‘‘ ඒකද හේතුව’’ කියමින්  තිස්ස ලොකු සුසුමක් හෙළුවා.


MOST VIEWED VIDEO STORIES

MORE >>