Back to Top

අපේ අය මේ දවස්වල පාර්ලිමේන්තු එනවාද ?

August 26, 2014  


උපදේශක කාරක සභා රැස්වීම්වලට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා පසුගිය 19 වනදා පාර්ලිමේන්තුවට පැමිණියා. තම කාර්යාලය වෙත ගිය ජනාධිපතිවරයා පළමුව කළේ ආණ්ඩු පක්යේ මන්තී‍්‍රවරුන්ගේ පැමිණීම ගැන සොයා බැලීමයි.
  
‘අපේ අය මේ දවස්වල පාර්ලිමේන්තු එනවාද ?’
 
‘සර්, ඌව පළාත් සභා මැතිවණය නිසා දෙපැත්තෙම ටික දෙනෙක් එහෙ ගිහින්.’
 
ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමරසිරි හෙට්ටිගේ උත්තර දුන්නා.
 
‘මගේ උපදේශක කාරක සභාවලට විපක්ෂයේ අය වැඩියෙන් සහභාගී වෙනවා නම් හොඳයි. ඒ අය පදනමක් නැතිව කරන චෝදනාවලට එතැනදී මට උත්තර දෙන්න පුළුවන්.’
 
 ජනාධිපතිවරයා කියපු විදිහටම එදින වරාය, මහාමාර්ග නීතිය හා සාමය, ආරක්ෂක සහ මුදල් සහ අමාත්‍යාංශවලට අදාළ උපදේශක කාරක සභා රැස්වීමේ පැය 05 ක් රැඳී සිටිමින් විපක්ෂයේ මන්තී‍්‍රවරුන්ගේ ප‍්‍රශ්නවලට උත්තර දුන්නා.
 

MOST VIEWED VIDEO STORIES

MORE >>