Back to Top

මම දන්නවා තනියම අත්පුඩි ගහන්න බෑ කියලා

August 15, 2014  



පළාත් සභා මැතිවරණයේ ප‍්‍රචාරක කටයුතු ආරම්භ කිරීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂය පසුගිය සඳුදා සන්නිවේදන කමිටුව කැඳෙව්වා. මෙහිදී නායක රනිල් වික‍්‍රමසිංහ මහතා එම කමිටුවට උපදෙස් රැසක් ලබාදුන්නා.


‘‘මැතිවරණ ප‍්‍රචාරක කටයුතු කිරීම සඳහා සියලූම පාර්ලිමේන්තු පළාත් සභා සහ පළාත් පාලන මන්ත‍්‍රීවරු බදුල්ලට සහ මොණරාගලට යොදවන්න. ඒ ප‍්‍රදේශවලට ගිහින් ඔවුන් වැඩකරනවද නැද්ද කියලා බලලා මට වර්තාවක් දෙන්න.


මේ මැතිවරණය අපේ පක්ෂයට තීරණාත්මකයි. ඊළඟට එන ජාතික මැතිවරණයට මුහුණ දෙන්න නම් අපි මේක දිනන්නම  ඕන.’’


නායක රනිල්ගේ කතාව අනුමත කරමින් මංගල සමරවීර මහතා දෙවනුව කතා කළා.


‘‘ආණ්ඩුව ඌව ඡන්දයට සීමා වෙලා නෑ. ඔවුන් ජාතික මැතිවරණය ඉලක්ක කරගෙන රට සුරකින නිල් පවුර කියලා දැවැන්ත ප‍්‍රචාරක වැඩසටහනක් කරගෙන යනවා’’


මංගල ආණ්ඩුවේ ප‍්‍රචාරක කටයුතු ගැන කතා කරද්දී මහලේකම් තිස්ස අත්තනායක ජාතික මැතිවරණය පැවැත්වෙන දිනවකවානු කිව්වා.


‘‘මට තියෙන තොරතුර අනුව ඌව ඡන්දයෙන් පසුව ජාතික මැතිවරණයක් සති 20 ක් ඇතුළත එනවා.


අපි රේල් පීලි දෙක වගේ පළාත් සභා මැතිවරණ කරගෙන යන ගමන් ජාතික මැතිවරණයේ ප‍්‍රචාරක කටයුතුත් සමාන්තරව කරගෙන යන්න  ඕන. මේ හැම දේකටම පෙර අපේ පක්ෂයේ සියලූ දෙනාම ඒකරාශි කරගන්න  ඕන.’’


මහලේකම් කතාව අවසන් කළේ නායක රනිල්ගේ පිළිතුරක් අපේක්ෂාවෙන්.


‘‘මම දන්නවා තනියම අත්පුඩි ගහන්න බෑ කියලා මම අනිවාර්යයෙන්ම සියලූදෙනාම ඒකරාශි කරනවා. ඒ දේ ඉතා ඉක්මනින් වෙනවා.’’


නායක රනිල් ඒ විදිහට තිස්සගේ කතාවට උත්තර දුන්නා.



සන්නිවේදන කමිටුව ඉදිරියේ රනිල් පොරොන්දු වූ පරිදි පක්ෂය සමගි කිරීම අදාළව ගතයුතු ක‍්‍රියාමාර්ග ගැන මහලේකම් තිස්ස ඇතුළු කිහිපදෙනෙකු සමග සාකච්ඡා කළා.


ඒ සාකච්ඡාවේදී ගනු ලැබු තීන්දු තීරණ එළඹෙන සතියේදී ක‍්‍රියාවට නංවන බවට නායක රනිල් පොරොන්දු වුණා.


ඒ අනුව ඉදිරි සතියේදී ඌව ඡන්ද ව්‍යාපාරයට නව ජවයක් ලැබෙන අයුරින්  පක්ෂය තුළ ප‍්‍රබල වෙනස්කම් රැසක් සිදුකිරීමට මෙහිදී නායක රනිල තීන්දුවක් ගත්තා.


MOST VIEWED VIDEO STORIES

MORE >>