Back to Top

වීරසේකරගේ හා වාසුගේ ගැටුම ඩලස් නවතයි

July 11, 2014  



ආණ්ඩු පකෂයේ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම පසුගිය අඟහරුවාදා අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වුණා. මෙහිදී වාසුදේව අමාත්‍යවරයා පුවත්පතකට කර තිබූ ප‍්‍රකාශයක් නියෝජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර ප‍්‍රසිද්ධියේ විවේචනය කළා.


‘‘බලන්න අගමැතිතුමනි, අපේ වාසුදේව ඇමතිතුමා කියනවා ජාතික සංහිඳියාව නැමති දරුවා බිහිකර දරු සුරතල් බලන්න පුලපුලා බලාගෙන ඉන්නවා කියලා. එතුමා ආණ්ඩුවේ ඉන්න ගමන් ජාතික සංහිඳියාව නෑ කියන එක නේද ලෝකයට කියන්නේ’’


‘‘නියෝජ්‍ය ඇමතිතුමා ඔයා දන්නවද ජාතික සංහිඳියාව කියන්නේ මොකක්ද කියලා?’’ වාසුදේව පෙරලා ප‍්‍රශ්න කළා.


‘‘ඔබතුමාම කියන්න ජාතික සංහිඳියාව කියන්නේ මොකක්ද කියලා’’


‘‘ජාතීන් අතර සමගිය සහෝදරත්වය ඇතිව ජීවත්වන එකටයි.’’


‘‘දැන් ඒක වාසුදේව ඇමතිතුමා මේ රටේ ඒ සහජීවනය නැද්ද ? දෙමළ මුස්ලිම් ජනතාවගෙන් 51% ක් ඉන්නේ සිංහල ජනතාව සමග. ජාතික සමගියක් නැත්තම් මෙහෙම හිටිය හැකිද?’’


වීරසේකර සහ වාසු ගැටෙන්න ගනිද්දී ඇමති ඩලස් අලහප්පෙරුම වීරසේකරගේ අතින් අල්ලලා නිහඬ කළා.



MOST VIEWED VIDEO STORIES

MORE >>