Back to Top

හමුදාවෙන් ඇවිත් අපිට බලපෑම් කරනවා

April 12, 2014  



ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් වටගල මහතා ගැන පසුගිය දිනවල කතාබහට ලක්වුණේ වනාතමුල්ලේ නිවාස කැඩීමේ සිද්ධියත් සමගිනි. කෙසේ වෙතත් වනාතමුල්ල නිවාස කැඞීම මානව හිමිකම් කොමිසම මගින් අත්හිටවූ නමුත් කොළඹ නගරයේ තවත් ඉඩම් නාගරික සංවර්ධන අධිකාරිය මගින් අත්පත් කර ගැනීම තවමත් කරගෙන යමින් තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය වෙළෙඳ දැන්වීම් පළකරනු ලබන්නේ ඉඩදෙන්න” කියාය. මේ ගැන සුනිල් වටගලගේ හිතවතෙක් අපූරු කතාවක් කියා තිබුණා.

“සුනිල් අර නාගරික සංවර්ධන අධිකාරියේ ඇඩ් එකක් දානවා ඉඩදෙන්න කියලා. ඒ නොකියා කියන්නේ ඉඩම දෙන්න කියලා නේද? මට නම් ඒ ඇඩ් එක යනකොට මතක් වෙන්නේ සුනිල් වටගලමයි” හිතවතා එලෙස පවසා තිබුණා.

කොළඹ, කොටුව  ඕල්කට් මාවතේ වෙළෙන්දන් පිරිසක් පසුගිය 09වෙනිදා සුනිල් වටගල හමුවීමට පැමිණ  තිබුණේ එවැනිම අසාධාරණයකට ලක්වී සිටි නිසාය. මේ පිරිසට ඇතුළත් වුණේ  ඕලකට් මාවතේ කඩ 68ක වෙළෙන්දන් පිරිසකි. ”මන්ත‍්‍රීතුමා අපි ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. අපේ හොඳ කඩවලින් අපිව ඉවත් කරන්න යනවා. අපි මෙතනින් අයින් කරලා බෙරේ වැව අයිනේ හදල තියෙන අලූත් කඩ කාමරවලට (පාවෙන කඩ නමින් හඳුන්වන) යවන්නයි හදන්නේ. අපිට එහෙ බිස්නස් නැහැ. අපි දැන් ඉන්න  ඕල්කට් මාවතේ කඩ නගර සභාවෙන් අවසර දුන්නු ඒවා. අපි හැටගණන්වල ඉඳන් මේවල ඉන්නේ.” එක් වෙළෙන්දෙකු කියා සිටියා.

“ඔව් මන්ත‍්‍රීතුමා අපි ණය වෙලා තමයි බඩු ගෙනත් බිස්නස් කරන්නේ. ඒ මදිවට මේ දවස්වල බිස්නස් වැටිලා. දැන් අපිට ඉන්න තැනත් නැති කරන්න යනවා. හමුදාවෙන් ඇවිත් අපිට බලපෑම් කරනවා. අපි ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, විමල් ඇමතිතුමාට හැමෝටම මේ ගැන ලිව්වා. කවුරුත් අපි ගැන බලන්නේ නැහැ.” එක් වෙළෙන්දෙක් තමන්ගේ දුක කිව්වා.

“ඔබතුමාලා විතරයි අපිට විශ්වාස. වනාතමුල්ලේ සිද්ධිය අපි දන්නවා. අනුර දිසානායක මහත්තයා පාර්ලිමේන්තුවේ කතා කරලා ඒ ප‍්‍රශ්නේ විසඳුවා. මේ ප‍්‍රශ්නෙත් අපිට විසඳල දෙන්න  ඕනෑ ජේවීපී එක. අපිට වෙන කියන්න කවුරුත් නැහැ. අනික මේ බේරේ වැව අයිනේ තියෙන ඉඩම් නගර සභාවට අයිති නැහැ. ඒවා අයිති සී.ජී.ආර්. එකට. කඩ විතරයි නගර සභාවට අයිති. නගර සංවර්ධන අධිකාරියෙන් තමයි අපිට යන්න කියන්නේ. මේක මහ අවුලක්” තවත් වෙළෙන්දෙක් කියා සිටියා.


“අපි මේ ගැන හොයලා බලලා පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශයක් කරමු. ඒ වගේම නීතිමය කි‍්‍රයාමාර්ගත් ගන්න පුළුවන්ද කියලා බලමු. අපිට ඒ කඩ නිරීක්ෂණය කරන්න පුළුවන් නේද?” සුනිල් වටගල වෙළෙන්දන්ට කියා සිටියා. ඉන් අනතුරුව වෙළෙන්දන් සමඟ පැරණි කඩ පිහිටා තිබුණ භූමියත්, අලූතෙන් කඩ කාමර ඉදිකළ භූමියත් සුනිල් වටගලගේ පරීක්ෂාවට ලක්වුණා. මේ අතර වෙළෙන්දන් කියා සිටියේ අලූතෙන් ඉදිකළ කඩ කාමරවල හොඳ මට්ටමේ කාමර සියල්ල දැනටමත් බලධාරීන්ගේ හිතවතුන්ට ලබාදී ඇති බවය.



MOST VIEWED VIDEO STORIES

MORE >>