Back to Top

කවුරුවත් මනාප ගණන් කරන්න කියලා උසාවිනම් යන්න එපා

April 5, 2014  




එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොළඹ දිස්ත‍්‍රික්කයට තරඟ කළ සියලූ අපේක්ෂකයින් පසුගිය බදාදා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට කැඳවා තිබුණා. මහලේකම් මෛත‍්‍රිපාල සිරිසේන, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ වගේම සන්ධානයේ මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්තත් ඊට සහභාගි වුණා.


මැතිවරණ ප‍්‍රතිඵල ගැන සමලෝචනය කිරීමෙන් පසුව අපේක්ෂකයන්ට කතා කරන්න අවස්ථාව ලැබුණා.


‘‘ සර් මේ පාර ඡන්ද ගණන් කිරීම ඉතාම දූෂිතයි. අපි හිටපු කාමරවල ගණන් කරද්දී තිබුණ මනාපවත් ප‍්‍රතිඵල නිකුත් කරද්දී තිබුණේ නෑ. තේරීම්භාර නිලධාරියා මගේ නම පවා කිව්වේ නෑ. පස්සේ මම ඇහුවාම කොහේදෝ කොළයක් අරගෙන ඇවිත් මම පරාදයි කිව්වා’’


පරාජිත අපේක්ෂකයෙකු දුක කියද්දී ඇමති බැසිල් ඊට උත්තර දුන්නා.


‘‘ කොළඹ තේරීම්භාර නිලධාරියා වැඩ අනාගත්තා. නමුත් අපි නැවත ගණන් කරන්න ගියොත් නැති ප‍්‍රශ්න ගණනාවක් ඇති වෙනවා. කවුරුවත් මනාප ගණන් කරන්න කියලා උසාවිනම් යන්න එපා.’’


ඇමති බැසිල් පරාජිත අපේක්ෂකයන්ගෙන් එවැනි ඉල්ලීමක් කරද්දී තවත් අපේක්ෂකයෙක් චෝදනාවක් කළා.


‘‘ අපි මනාප ඉල්ලා තැපෑලට ලියුම් දැම්මා. තැපැල් ඇමති ඒ ලියුම් බෙදුවේ නෑ එයාගේ දුව ඡන්දේ ඉල්ලන නිසා. ඔන්න සර් අපේ එවුන් අපිට සලකපු හැටි’’


‘‘ සර් අද වෙනකොට මේ පක්ෂය තනිකරම තාත්තලාගේ පුතාලාගේ දුවලගේ පක්ෂයක් වෙලා. අපි වගේ පවුල් පසුබිමක් නැති මිනිස්සුන්ට ඡන්දයක් ඉල්ලන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ ’’


 අපේක්ෂකයන් මේ විදිහට චෝදනා කරද්දී ඇමති බැසිල්ට කේන්ති ගියා.


‘‘ කැත කතා කියන්න එපා. කොළඹින් 4 දෙනායි පවුල් පසුබිමක් ඇතිව තරඟ කළේ. පක්ෂයක් වුණාම එහෙම නොකර බෑ. ඔයාලත් විපක්ෂය කියන කතාම මෙතන ඉඳගෙන කියවනවා. කරුණාකරලා ඔය විදිහට චෝදනා කරන එක නවත්වන්න.’’


ඇමති බැසිල් දැඩි ස්ථාවරයෙන් කතා කරද්දී අපේක්ෂකයන්ගේ කෑගැහිල්ල නැවතුණා.



MOST VIEWED VIDEO STORIES

MORE >>