Back to Top

පාර්ලිමේන්තුවේ 10%ක් සමලිංගිකයෝලු?

December 13, 2013  


පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේ තැනක ඩිලාන් පෙරේරා,තිස්ස කරලියද්ද,බුද්ධික පතිරණ යන මහත්වරුන් සමලිංගිකත්වය පිළිබඳ කතා බහ කරමින් සිටියා. එතැනට පැමිණි වීරකුමාර දිසානායක නියෝජ්‍ය අමාත්‍යවරයා පැමිණියා.


“ ඔයාලා මොනවද මේ රහසින් රහසින් කතා කරන්නේ..“
ඔහු ඇහුවා.


“අපි මේ කුඩා කර්මාන්තයක් ගැන කතා කරන්නේ“
බුද්ධික කීවා.

කොහොම කොහොම හරි වීරකුමාරගේ ඇවටිලිවලින් බේරෙන්න බැරි තැන කතා කර කර සිටි මාතෘකාව ගැන ඔහුව දැනුවත් කරන්නට අනෙක් අය යුහුසුළු වුණා.


“කොහොමත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙන් 10%ක් සමලිංගිකයො තමයි“
වීරකුමාර මහතාගේ අදහස වුණා.


මේ වෙලාවේ එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝසි සේනානායක මහත්මියත් එතැනට ආවා. මාතෘකාව පිළිබඳ දැනුවත් වීමෙන් පස්සේ ඇය කීවේ “10%ක් නෙවෙයි ඊටත් වැඩිය එවැනි අය පාර්ලිමේන්තුවේ ඉන්නවා“කියලයි.


MOST VIEWED VIDEO STORIES

MORE >>