කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
July 9, 2026 05:39 pm
යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියාව, මඩකලපුව, අම්පාර, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියාව, මඩකලපුව, අම්පාර, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකල යුතු මට්ටමක පැවතිය හැකි බව නිවේදනයේ සඳහන් වෙයි.
