හොර පාරෙන් ගෙනා ලක්ෂ ගාණක මත්පෙති හා තවත් භාණ්ඩ තොගයක් මාට්ටු
July 9, 2026 04:50 pm
නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ රුපියල් ලක්ෂ 100කට අධික මත්පෙති, ෂැම්පු වර්ග සහ මදුරු නාශක ක්‍රීම් වර්ග ඇතුළු ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව හා උඩප්පුව පොලිස් නිළධාරීන් පිරිසක් එක්ව අද (09) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්ඩංගුවට ගෙන ඇත්තේ මත්පෙති 1,43,600ක්, ෂැම්පු පැකට් 2,264 ,මදුරු නාශක ක්‍රීම් 3,816කි.
මේවා උර 15ක අසුරා තිබු බවත් ඒවා පල්ලිවාසල්පාඩුව වෙරලට දමා සැකකරුවන් ඒ අසන්නයෙන් පලාගොස් ඇති බවට නාවික හමුදාවට හා පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
මෙලෙස අත්අඩංගුවගත් මත් පෙති හා අනිකුත් දෑ සම්බන්ධව පුර්ණ විමර්ශණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර පැන ගිය සැකකරුවන් හඳුනා ගැනිමට ද කටයුතු කරමින් සිටින බව සඳහන් වෙයි.
