හිටපු ඇමති චන්ද්‍රානිට එරෙහි නඩුවක වැඩිදුර සාක්ෂි විභාගයට දිනයක්
June 8, 2026 02:03 pm
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරියක වන චන්ද්‍රානි බණ්ඩාර මහත්මියට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුව අද (08) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවා තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවා තිබුණි.
එහිදී නඩුවේ සාක්ෂි කාරියකගෙන් විත්තිය වෙනුවෙන් හරස් ප්‍රශ්න ඇසීම සිදුකර ඇත.
ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ජුලි මස 09 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කර තිබේ.
2019.01.14 වෙනිදා සහ 2019.01.31 කාලය අතර කාලසීමාව තුළ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකොට එච්.එම්. චන්ද්‍රවංශ නැමැතෙකුව වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන අකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා එම අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළුව නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් "දූෂණය" නමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරියට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම අධි චෝදනා ගොනු කර තිබුණි.
