නේතන් ලයන් මැග්‍රාත්ව අබිබවා යයි

නේතන් ලයන් මැග්‍රාත්ව අබිබවා යයි

December 18, 2025   08:17 pm

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර දෙවන ස්ථානයට පැමිණීමට නේතන් ලයන්ට හැකිවිය.

'අළු බඳුන' ටෙස්ට් තරගාවලියේ ඇඩිලේඩ්හිදී අද (18) ආරම්භ වූ තෙවන තරගයේ කඩුලු 2ක් දවාගැනීමත් සමග ඔහු මෙම කඩඉමට පැමිණියේය.

දකුණත් දඟපන්දු යවන්නෙකු වන 38 හැවිරිදි ලයන් මේ වනවිට ටෙස්ට් කඩුලු 564කට හිමිකම් කියයි.

ඔහු විසින් පසුකර යනු ලැබුවේ ඔස්ට්‍රේලියාවෙන් බිහි වූ විශිෂ්ට වේගපන්දු යවන්නෙකු වූ ග්ලෙන් මැග්‍රාත්වය.

මැග්‍රාත් 2007 වසරේ දී ටෙස්ට් පිටියෙන් සමුගන්නා විට කඩුලු 564ක් බිඳහෙලා තිබුණි.

ලොව වැඩිම ටෙස්ට් කඩුලු දවාගත් පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ට (800) පමණක් දෙවැනි වන ෂේන් වෝන් (708), ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු දවාගත් පන්දු යවන්නාය.