ආපදාවලින් විපතට පත් 66,132ක් තවමත් ආරක්ෂිත මධ්‍යස්ථානවල
December 18, 2025 07:43 pm
පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ පවුල් විසි දහසකට වැඩි ප්‍රමාණයක් තවදුරටත් සුරක්ෂා මධ්‍යස්ථානවල රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය නිකුත් කර ඇති වාර්තාවල දැක්වෙන්නේ රට පුරා පිහිටි සුරක්ෂා මධ්‍යස්ථාන 723ක පවුල් 22,096කට අයත් පුද්ගලයින් 66,132ක් මේ වන විටත් රැඳී සිටින බවය.
මෙම සුරක්ෂා මධ්‍යස්ථාන අතුරින් වැඩිම මධ්‍යස්ථාන ප්‍රමාණයක් මේ වන විට පිහිටා ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ වන අතර එහි සුරක්ෂා මධ්‍යස්ථාන 218ක පවුල් 5,739කට අයත් පුද්ගලයින් 16,317ක පිරිසක් රැඳි සිටිති.
පසුව වැඩිම සුරක්ෂා මධ්‍යස්ථාන ප්‍රමාණයක් පිහිටා ඇත්තේ නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කයේ වන අතර නුවරඑළියේ සුරක්ෂා මධ්‍යස්ථාන 192ක පවුල් 6,225කට අයත් පුද්ගලයින් 19,719ක්ද බදුල්ල දිස්ත්‍රික්කයේ සුරක්ෂා මධ්‍යස්ථාන 155ක පවුල් 6,056කට අයත් පුද්ගලයින් 18,239ක ප්‍රමාණයක්ද මේ වන විටි රැඳී සිටියි.
