චීන ජාතික ක්‍රීඩා උළෙලේ විචිත්‍රවත් සමාරම්භය
November 9, 2025 07:28 pm
චීනයේ 15 වන ජාතික ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය අද (9) ග්වාංදොං ඔලිම්පික් ක්‍රීඩාංගනයේදී පැවැත්විය.
ඒ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙනි.
මේ අවස්ථාවට චීන ජනපති ආර්යා පෙං ලීයුවාන් මහත්මිය මෙන්ම ඔලිම්පික් කමිටු සභාපතිනි Kirsty Coventry මහත්මිය සහ එහි ගෞරවනීය සභාපති ලෙස කටයුතු කරන Thomas Bach මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියාය.
සෑම වසර හතරකට වරක් පැවැත්වෙන චීන ජාතික ක්‍රීඩා උළෙල චීනයේ ප්‍රධානතම ජාතික මට්ටමේ ක්‍රීඩා උළෙල ද වේ.
15 වන වරට පැවැත්වෙන මෙවර ක්‍රීඩා උළෙල සඳහා එක්ව සිටින චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 14,000 කි.
චීන සංස්කෘතිය විදහාලන නැටුම් ගැයුම් ඇතුළු විචිත්‍රවත් අංග රැසකින්ම මෙවර සමාරම්භක උළෙල වර්ණවත් වී තිබුණි.
මේ අතර, මෙම උත්සවය ආරම්භ වීමට පෙර චීන ජනපති ෂී ජින්පිං මහතා සහ ඔලිම්පික් කමිටු සභාපතිනි Kirsty Coventry මහත්මිය සහ එහි ගෞරවනීය සභාපති වන Thomas Bach මහතා ඇතුළු පිරිසකගේ විශේෂ හමුවක් ද සිදුව තිබුණි.
එමෙන්ම 2026-2032 දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිත සියලු ඔලිම්පික් ක්‍රීඩා තරඟ විකාශය සඳහා වන දිගුකාලීන ප්‍රකාශන හිමිකම් ගිවිසුමකට චීන මාධ්‍ය සමූහය සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අතර චීනයේ Guangzhou නගරයේ දී අත්සන් තැබීම ද ග්වන්ෂු නගරයේ දී සිදු කෙරුණි.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපතිනි Kirsty Coventry මහත්මිය, එහිදී දෙපාර්ශ්වය වෙනුවෙන් ගිවිසුම් අත්සන් කරමින්, 2026 Milano-Cortina ශීත ඍතු ඔලිම්පික් උළෙල ආවරණය කිරීම සඳහා වන චීන මාධ්‍ය සමූහයේ නිල ලාංඡනය ද එළි දක්වනු ලැබීය.













