නීතිවිරෝධීව ඉන්දියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධීව ඉන්දියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

November 9, 2025   04:37 pm

නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයෙකු තමිල්නාඩු රාමේෂ්වරම් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 34 හැවිරිදි ඔහු, තමිල්නාඩුවේ ශ්‍රී ලාංකික සරණගාතයින් සඳහා වන කඳවුරක රැදී සිටින සිය බිරිඳ ඇතුළු ඥාතීන් හමුවීම සඳහා මෙලෙස පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

එම පුද්ගලයා ද අදාළ සරණාගත කඳවුරේ රැදී සිට ඇති අතර මීට වසර දෙකකට පමණ පෙර ඔහු නීත්‍යානුකූලව ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ඉන්දීය ආරක්ෂක අංශ සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

රාමේෂ්වරම් පොලිසියට ලද තොරතුරක් මත මණ්ඩපම් සරණාගත කඳවුර අසල උද්‍යානයක රැදී සිටියදී මෙසේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සැකකාර ශ්‍රී ලාංකිකයා එරට අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.