බදුලු - බණ්ඩාරවෙල මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙළිවෙයි
November 9, 2025 06:25 pm
අලුත්ගම ප්‍රදේශයේ සිට රැගෙන එන හෙරොයින් බදුල්ල හා බණ්ඩාරවෙල යන ප්‍රදේශවලට අලෙවි කිරීමේ ජාවාරමක සුලමුල හෙළි කරගනිමින් ඊට සම්බන්ධ සැකකරුවෙක් සහ සැකකාරියන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ , ඇසුරුම් කළ හෙරොයින් පැකට් දහසක්ද සමගිනි.
හාලිඇළ ප්‍රදේශයේ නිවසක පදිංචි 28 හා 30 හැවිරිදි වියේ පසුවන එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් බදුල්ල හා බණ්ඩාරවෙල ප්‍රදේශවලට මත්කුඩු බෙදාහරින බවට පොලීසියට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් එම නිවසට ගොස් තිබුණි.
ඒ වනවිටත් මත්කුඩු ඇසුරුම් කරමින් සිටි සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ අලුත්ගම සිට පැමිණෙන පුද්ගලයෙක් ඔවුන්ට හෙරොයින් සපයන බවය.
ඔහු කොටුකර ගැනීම සඳහා බණ්ඩාරවෙල පොලීසිය උපායක් යොද තිබුණි.
ඒ අනුව ඉකුත් පොහොය දිනයදා සැකකරුට බණ්ඩාරවෙල දෝව රජමහා විහාරයට පැමිණෙන්නැයි සැකකාරියන්ගේ දුරකථනයක් ඔස්සේ සිදුකළ දැනුම් දීමක් මත සැකකරු සුදු ඇදුමින් සැරසී මත්කුඩුද රැගෙන එම විහාරස්ථානයට පැමිණ තිබූ අතර ඔහු සැකකාරියකට මත්ද්‍රව්‍ය ලබාදීමේදී සිවිල් ඇදුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.
