කලවානේ වෙඩිතැබීමක්

කලවානේ වෙඩිතැබීමක්

October 31, 2025   01:31 pm

කලවාන, දෙල්ගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

මෙලෙස වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ, කලවාන, කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පස් දරු පියෙකු වන අතර අනෙක් පුද්ගලයා 38 හැවිරිදි දෙදරු පියෙකි.

මොවුන් දෙදෙනා තේ කඩයක් වෙත යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ගසක් අසල සඟව සිටි පුද්ගලයෙකු වෙඩිතබා තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනා යතුරුපැදියෙන්ම කලවාන මුලික රෝහලට ඇතුළත් වී ඇත.

පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට මාරු කර යවා තිබේ.

වෙඩි තැබීම බෝර 12 ගිනිඅවියකින් සිදුකර ඇතැයි පොලීසිය සැක පළ කරයි.