අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් මෙරට සංචාරයකට සැරසෙයි
October 31, 2025 06:08 pm
ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් නොවැම්බර් 3 සිට 8 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
ශ්‍රී ලංකාව සහ ශුද්ධාසනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ ආරාධනාවකට අනුව මෙම සංචාරය සිදු කෙරේ.
මෙම සංචාරය අතරතුරදී, අගරදගුරු ගැලගර් හිමිපාණන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැතිනි හරිනි අමරසූරිය හමුවන අතර, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමග ද නිල සාකච්ඡා පවත්වනු ඇත.
50 වැනි සංවත්සරය සනිටුහන් කරමින් පැවැත්වෙන විශේෂ අනුස්මරණ උත්සවයේ දී ඔහු දේශනයක් ද පැවැත්වීමට නියමිතය.
2019 වසරේ එල්ල වූ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ගෙන් බලපෑමට ලක් වූ පල්ලි ඇතුළුව රට පුරා සංස්කෘතික හා ආගමික වශයෙන් වැදගත්කමක් ඇති ස්ථාන නැරඹීම ද මෙම වැඩසටහනට ඇතුළත් වේ.
 
					