කොළඹ උද්ධමනය ඉහළට

කොළඹ උද්ධමනය ඉහළට

October 31, 2025   05:17 pm

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ සැප්තැම්බර් මාසයේ සියයට 1.5ක් වූ උද්ධමනය ඔක්තෝබර් මාසයේ දී සියයට 2.1ක් දක්වා ඉහළ ගොස් ඇති බවය. 

ඔක්තෝම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 3.5ක් දක්වා වැඩි වී ඇති අතර සැප්තැම්බර් මාසයේ දී එය සියයට 2.9ක් ලෙස සටහන් වී තිබුණි.

සැප්තැම්බර් මාසයේ දී සියයට 0.7ක් ලෙස සටහන්ව තිබූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ඔක්තෝබර් මාසයේ දී සියයට 1.4ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.