ගම්පහ බබා දුන් තොරතුරකට අනුව T56 ජීව උණ්ඩ 50ක් සොයාගනී 

ගම්පහ බබා දුන් තොරතුරකට අනුව T56 ජීව උණ්ඩ 50ක් සොයාගනී 

October 19, 2025   11:32 am

නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරට රැගෙන එන ලද සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන 'ගම්පහ බබා' නැමති සැකකරුගෙන් අනාවරණ කර ගත් තොරතුරකට අනුව T - 56 උණ්ඩ 50ක් සොයා ගෙන තිබේ.

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කරන ගම්පහ බබා නැමැත්තා ඊයේ (18) පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වෙත රැගෙනවිත් තිබුණි. 

එහිදී කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරු අනුව මෙම ජීව උණ්ඩ 50ක පමණ ප්‍රමාණයක් කඳාන කෙරවලපිටිය අධිවේගි පිවිසුමේ කණුවක් අසල තිබි සොයා ගෙන ඇත.

අදාළ පතොරම් තොගය වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහුට ඒවා ලබාදී ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ විසින් බව අනාවරණ කර තිබුණි.