ඖෂධ හිඟයට පිළියම් සෙවීමේදී ඇතිවන බාධා සෞඛ්‍ය ඇමති කියයි
October 6, 2025 03:12 pm
ඖෂධ හිඟයට පිළියම් සෙවීමේදී එයට බාධා වී ඇත්තේ පවතින සමහර නීතිරීති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ රජය තුනෙන් දෙකේ බලයක් තබාගෙන එම නීති රීති වෙනස් කිරීමට නොහැකිද යන්න යමෙකුට ගැටලුවක් සේ පෙනුනද මේ සම්බන්ධව කටයුතු කිරීමේදි ඇතැම් නීතිරීති රෙගුලාසි අද ඊයේ පැන නැගුණු ඒවා නොව බ්‍රිතාන්‍ය සමයේ සිට පැවත එන එන බවත්ය.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ පිහිටි විපස්සි බෞද්ධ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්තාවට එක්වෙමිනි.
එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ පවතින නීති රීති වෙනස් කිරීමට උත්සාහ දැරීමේදී එය එකිනෙකට සම්බන්ධ බැවින් ඉතා කල්පනාකාරීව සිදුකළ යුතු බවත්ය.
සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමේදී රටේ පවතින සමහර නීති එලෙසම අනුගමනය කරමින් සහ කාලය ගනිමින් සමහර හදිසි ගැටලුවලට විසඳුම් සෙවීමට නොහැකි බවද සඳහන් කළ අමාත්‍යවරයා එයට පරිත්‍යාගශීලීන්ගේ, දානපතින්ගේ සහ රාජ්‍ය තාන්ත්‍රිකව ලැබෙන පරිත්‍යාග ආදිය උපකාර කර ගැනීමට සිදුවන අවස්ථාද වන බව පෙන්වා දුන්නේය.