2025 වෛද්‍ය විද්‍යාව හෝ කායික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගයට විද්‍යාඥයින් තිදෙනෙක්

2025 වෛද්‍ය විද්‍යාව හෝ කායික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගයට විද්‍යාඥයින් තිදෙනෙක්

October 6, 2025   03:21 pm

2025 වසරේ වෛද්‍ය විද්‍යාව හෝ කායික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය මේරී ඊ බ්‍රන්කෝව්, ෆ්‍රෙඩ් රම්ස්ඩෙල් සහ ෂිමොන් සකගුජී ප්‍රදානය කරන බවට ස්වීඩන නොබෙල් ත්‍යාග කමිටුව අද (06) නිවේදනය කළේය.

ඒ මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් මිනිසාගේ ශරීරයට හානියක්වීම වැළැක්වීම සම්බන්ධයෙන් ඔවුන් සිදුකළ පර්යේෂණ සම්බන්ධයෙනි.

මේරී ඊ බ්‍රන්කෝව්, ෆ්‍රෙඩ් රම්ස්ඩෙල් යන විද්‍යාඥයින් දෙපළ අමෙරිකානු ජාතිකයින් වන අතර, විද්‍යාඥ සකගුජි ජපාන ජාතිකයෙකි.