මොංගෝලියානු ආරක්ෂක උපදේශක මෙරට ආරක්ෂක ප්‍රධානීන් හමුවෙයි
September 27, 2025 05:34 pm
ශ්‍රී ලංකාවේ මොංගෝලියානු ආරක්ෂක උපදේශක කර්නල් Odsuren Zayat මහතා සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා අතර හමුවක් කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කර්නල් Zayat ඉතා උණුසුම් ලෙස පිළිගෙන ඇති අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳ සුහද සාකච්ඡාවක නිරත වී තිබේ.
එමෙන්ම කර්නල් Zayat, ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ද හමු වී ඇත.
එහිදී ආරක්ෂක සහයෝගීතාව සහ හුවමාරුව යන ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමුව ඇති බව සඳහන් වේ.
මෙම හමුවීම් මොංගෝලියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඵලදායි හා සාර්ථක ඉදිරි පියවරක් සනිටුහන් කළේය.