ගාල්ලේ මාර්ග රැසක් ජලයෙන් යටවෙයි

ගාල්ලේ මාර්ග රැසක් ජලයෙන් යටවෙයි

September 25, 2025   07:00 pm

අද (24) පස්වරුවේ ගාල්ල නගරයට ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවූ බව "අද දෙරණ" වාර්තාකරු පැවසීය.

ගාල්ල - වක්වැල්ල ප්‍රධාන මාර්ගය ගාල්ල පොලීසිය ඉදිරිපිටින්, ගාල්ල - බද්දේගම මාපලගම ප්‍රධාන මාර්ගය තලාපිටිය, සරෙන්තුකඩේ සහ තනිපොල් ගහ හංදිය යන ප්‍රදේශවලින් ජලයෙන් යටවී තිබුණි

මේ අතර ගාල්ල නගරයේ තවත් අතුරු මාර්ග රැසක් ජලයෙන් යටව තිබුණු අතර මාර්ගවල දැඩි රථ වාහන තදබදයක්ද හටගත් බව වාර්තා වෙයි.

ප්‍රදේශවාසීන් චෝදනාකරන්නේ නිසි ලෙස කානු පද්ධති පිරිසුදු නොකිරීම සහ වැසි ජලය බැස යන ප්‍රධාන කාණු මත අනවසර ඉදිකිරීම් ඉදිකර තිබීම නිසා මෙවැනි තත්ත්වයන් නිතර හටගන්නා බවය.