ජනපති අද එක්සත් ජාතීන්ගේ මහ ලේකම් හමුවෙයි

ජනපති අද එක්සත් ජාතීන්ගේ මහ ලේකම් හමුවෙයි

September 25, 2025   06:17 pm

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරෙස් මහතා අතර හමුව ශ්‍රී ලංකා වේලාවෙන් අද (25) රාත්‍රියේ පැවැත් වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එමෙන්ම, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමග හමුවකටද අද සහභාගී වෙයි.

මේ අතර විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද අද රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් රැසකට එක්වීමට නියමිතව තිබේ.