සම්පත් මනම්පේරි රිමාන්ඩ්
September 23, 2025 07:52 pm
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි සම්පත් මනම්පේරි නමැත්තා අද (23) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වලස්මුල්ල මහෙස්ත්‍රාත් නියෝග කර තිබේ.
ඒ අනුව ඔහු මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එළැඹෙන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගරගත කෙරුණි.
මීට අමතරව මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ සම්පත් මනම්පේරි නමැත්තාගේ මිතුරියකගේ නිවසක තිබී අවි ආයුධ හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔක්තෝබර් 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර ලෙසද වලස්මුල්ල මහෙස්ත්‍රාත්වරයා නියෝ කර ඇත.
මිද්දෙණිය ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබී සම්පත් මනම්පේරි විසින් වළ දමා තිබූ ගිනිඅවි සහ උණ්ඩ කිහිපයක් ඊයේ (22) සොයාගෙන තිබුණේ සම්පත් මනම්පේරි සහ බැකෝ සමන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේය.
එම ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ කරුණු අනුව එම නිවසේ පිටුපස වළ දමා තිබියදී රන් පැහැති මැගසින් 02ක්, 9mm පිස්තෝලයක්, අත්බෝම්බයක් සහ T-56 උණ්ඩ 115ක් මෙලෙස සොයාගෙන තිබුණි.
පොලීසිය පැවසුවේ මෙම ගිනිඅවි සහ උණ්ඩ මීට මාස 02කට පෙර බැකෝ සමන් විසින් සම්පත් මනම්පේරිට ලබා දී ඇති බවට මේ වනවිට කරුණු අනාවරණය කරගත් බවය.
පසුව සම්පත් මනම්පේරි නැමැත්තා සිය හිතවතියකගේ නිවසක පිටුපස මෙම ගිනිඅවි සහ උණ්ඩ වළ දැමූ බවට සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ කරුණු අනාවරණය විය.
මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී පසුගිය 17 වනද දහවල් සම්පත් මනම්පේරි නමැත්තා අධිකරණයට භාර වුණි.
පසුව ඔහු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ දින 07ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනෙවිය අවසර ලබාදී තිබුණි.