කාසියේ වාසිය පාකිස්තානයට

කාසියේ වාසිය පාකිස්තානයට

September 23, 2025   07:32 pm

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය පාකිස්තාන කණ්ඩායම සමග අද (23) පැවැත්වෙයි.

එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්වුණි.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා පාකිස්තාන කණ්ඩායමේ නායකයා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර තිබේ.

තරගය තව සුළු වේලාවෙන් ආරම්භ වීමට නියමිතය. 

සුපිරි සිව්දෙනාගේ වටයේ සහභාගී වු පළමු තරගය බංග්ලාදේශ කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වූ අතර පාකිස්තාන කණ්ඩායම ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජයට පත් විය.

මෙම තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරගයක් බව විචාරකයින් සඳහන් කරයි.

අද දින තරගකරන කණ්ඩායම පහතින්,

පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
කුසල් පෙරේරා
චරිත් අසලංක
දසුන් ශානක
කමිඳු මෙන්ඩිස්
චාමික කරුණාරත්න
වනිඳු හසරංග
මහේෂ් තීක්ෂණ
දුෂ්මන්ත චමීර
නුවන් තුෂාර