අධිකරණ ඇමති හෙට ජිනීවා යයි

අධිකරණ ඇමති හෙට ජිනීවා යයි

September 23, 2025   06:53 pm

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා 24 වැනිදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

ඒ  බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ කමිටුව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකරනු ලබන පළමු කාලාන්තර සමාලෝචනය සඳහා සහභාගිවීමටය. 

2025 සැප්තැම්බර් 26 වන දින මෙම සමාලෝචන රැස්වීම පැවැත්වෙන අතර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ ජිනිවාහි නිත්‍ය නියෝජිත කාර්යාලයේ උසස් නිලධාරින් මේ සඳහා සහභාගිවීමට නියමිතව ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව 2016 සිට බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීමේ සම්මුතියේ පාර්ශවකරුවෙකි.