මනම්පේරිට නවාතැන් දුන් CEB සේවකයෙක් අත්අඩංගුවට
September 22, 2025 04:17 pm
රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින සම්පත් මනම්පේරිට නවතාන් පහසුකම් සැපයු බවට වූ චෝදනාවට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයෙකු කළුතර ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සන්තකයේ තිබී බැංකු කාඩ්පත් කිහිපයක් ද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.