ඉන්දියාවේ දැවැන්ත බදු කප්පාදුවක්
September 22, 2025 04:21 pm
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් භාණ්ඩ හා සේවා මත අයකරන බදු (GST) අනුපාතිකයන් හි දැවැන්ත කප්පාදුවක් නිවේදනය කර ඇත.
ඊයේ (21) දින ජාතිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඒ බව පවසා තිබේ.
මෝදි අග්‍රාමාත්‍යවරයා මෙහිදී පවසා ඇත්තේ මෙම “මීළඟ පරපුරේ ප්‍රතිසංස්කරණ“ සමඟින් දෛනික පරිභෝජනය සඳහා අවශ්‍ය භාණ්ඩ වඩාත් අඩුමිලකට මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව උදාවනු ඇති බවය.
එසේම ඉන්දියාව තුළ නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ මත පනවා ඇති GST අනුපාතිකයන් පහළ දැමීම හරහා ස්වදේශීය නිෂ්පාදකයින් හට සිය නිෂ්පාදිත තවදුරටත් අඩු මිලකට පාරිභෝගික ජනතාවට ලබාදීමට අවස්ථාව උදා වන බැවින් ඔවුන් හට සිය ව්‍යාපාර වර්ධනය කර ගැනීමේ අවස්ථාවද මෙමගින් හිමිවන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටී.
තවද අග්‍රාමාත්‍ය මෝදි මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සිය රටේ නිෂ්පාදිත වැඩිවැඩියන් මිල දී ගැනීමට කටයුතු කරන ලෙසය.
මෙම GST බදු කප්පාදුව මධ්‍යම පාංතිකයින් හට දැනෙන බදු කප්පාදුවක් බවත්, එසේම දිළිඳු සහ නැගී එන මධ්‍යම පාංතික ජනතාව වෙතද දැඩි සහනයක් අත්කර දෙනු ඇති බවත්, අග්‍රමාත්‍ය මෝදි මෙහිදී අවධාරණය කර සිටී.