ජාතික උද්ධමනය ඉහළට
September 22, 2025 03:53 pm
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 අගෝස්තු මාසයේ මෙරට ලක්ෂ්යමය මතුපිට උද්ධමනය 1.5%ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවෙහි දැක්වෙන්නේ 2025 ජූලි මාසයේ දී මෙම අගය වාර්තා වූ යේ 0.7% ක් ලෙසය.
ජූලි මාසයේ දී 2.2% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය අගෝස්තු මාසයේ දී 2.9%ක් දක්වා වැඩි වී තිබේ.
ජූලි මාසයේ දී -0.6% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය අගෝස්තු මාසයේ දී 0.4% ක් දක්වා වැඩි වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවෙහි වැඩිදුරටත් සඳහන්ය.