මාළිගාවත්තේ වෙඩිතැබීමේ යටගියාවක් එළියට
September 3, 2025 07:17 pm
මාළිගාවත්ත ප්‍රදේශයේදී අද (3) දහවල් සිදුවූ වෙඩිතැබීම අපරාධකරුවකු වන කංජිපානි ඉම්රාන්ගෙන් පළිගැනීම සඳහා සිදුකරන ලද්දක් බවට සැකකරන බව පොලීසිය පවසයි.
අද පෙරුවරු 11.20ට පමණ මාළිගාවත්ත පොලීසියට මීටර 100ක පමණ දුරින් පිහිටි ත්‍රිරෝද රථ අමතර කොටස් වෙළෙඳසැලකදී වෙඩිතැබීමක් සිදුව තිබුණි.
වෙඩික්කරු ටී-56 ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකළ අතර, ඔහුගේ ඉලක්කය වූ වෙළෙඳසැලේ අයකැමිවරයා පරිගණකයක තිරයකට මුවාවී වෙඩි ප්‍රහාරයෙන් බේරී ඇත.
කෙසේ වෙතත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ, වෙඩි ප්‍රහාරයෙන් අදාළ වෙළෙඳසැලේ අයකැමිවරයාගේ අතකට තුවාල සිදුව ඇති බවත්, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත්ය.
ඔහු වත්තල, මාබෝල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්ය.
පොලීසිය සැකපලකරන්නේ අදාළ වෙළෙඳසැලේ හිමිකරු කංජිපානි ඉම්රාන් නම් අපරාධකරුගේ යහළුවෙක් බවයි.
ඒ අනුව කංජිපානි ඉම්රාන්ගෙන් පළිගැනීමේ අරමුණින් මෙම වෙඩිප්‍රහාරය එල්ල කරන්නට ඇති බව පොලීසිය පවසයි.