ශ්‍රී ලංකාවට 176ක ඉලක්කයක්
September 3, 2025 06:35 pm
ශ්‍රී ලංකාවට එරෙහි තරග 3කින් යුත් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (3) පැවති පළමු තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 175ක් රැස්කිරීමට සමත් විය.
ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 176ක ඉලක්කයක් හිමිවිය.
හරාරා ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
සිම්බාබ්වේ වෙනුවෙන් ආරම්භක පිතිකරු බ්‍රයන් බෙනට් ලකුණු 81ක් රැස්කළේය.
පන්දු 57කින් ගොඩනැගුණු ඔහුගේ ඉනිමට හතරේ පහර 12ක් ඇතුළත් විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් දුෂ්මන්ත චමීර ලකුණු 30කට කඩුලු 3ක් දවාගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත විය.