හෙට ප්‍රදේශ කිහිපයක උණුසුම ඉහළට

හෙට ප්‍රදේශ කිහිපයක උණුසුම ඉහළට

September 1, 2025   04:12 pm

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද (01)  ප.ව. 03.30 ට නිකුත් කරන ලද එම නිවේදනය 02 දිනය දක්වා වලංගු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත් සහ මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා විමසිලිමත්වන ලෙස එම නිවේදනයෙන් දැනුම් දී ඇත.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බවය.