නඩු කටයුතුවලින් පසුවත් සජිත් රනිල් බලන්න ජාතික රෝහලට එයි

නඩු කටයුතුවලින් පසුවත් සජිත් රනිල් බලන්න ජාතික රෝහලට එයි

August 26, 2025   09:40 pm

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලැබීමෙන් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (26) පස්වරුවේද කොළඹ ජාතික රෝහලට පැමිණියේය.

ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීම සඳහාය.

විපක්ෂ නායකවරයා සමගම විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් මෙන්ම විවිධ පක්ෂවල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද හිටපු ජනාධිපතිවරයාගේ සුවදුක් බැලීම සඳහා අද පස්වරුවේ ජාතික රොහලට පැමිණි අයුරුද දක්නට ලැබිණි.

බන්ධනාගාර ගත කළ අවස්ථාවේ සිට ජාතික රෝහලට ඇතුළත් කළ අවස්ථාව දක්වාම විපක්ෂ නායකවරයා හිටපු ජනාධිපතිවරයාගේ සුව දුක් බැලීම සඳහා දිනපතාම ජාතික රෝහලට පැමිණියේය.