අගෝස්තු වැඩිහිටි දීමනාව හෙට

අගෝස්තු වැඩිහිටි දීමනාව හෙට

August 26, 2025   08:40 pm

සුබසාධඛ ප්‍රතිලාභ මණ්ඩලය විසින් අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව හෙට (27) බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ඒ අනුව රුපියල් දෙබිලියන නවසිය අනූතුන් මිලියන හත්සිය අනූ එක් දහසක මුදලක් ප්‍රතිලාභීන් 599,730 අතරේ බෙදා හැරීමට නියමිත බවද එම මණ්ඩලය පැවසීය.