යූටියුබ් සුදාගේ ප්‍රකාශයට සජිත්ගෙන් X සටහනක්
August 22, 2025 05:18 pm
හිටපු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගැනීමක් සිදුවීමට පෙර සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන සුදත්ත තිලකසිරි නැමැත්තා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා "X" සටහනක් තබා තිබේ.
එමගින් විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ මෙවැනි ප්‍රකාශ අහම්බයක් විය නොහැකි බවත් මෙවැනි සිදුවීම් සැලසුම් සහගතව සිදුකළ එකක් විය හැකි බවය.
එමෙන්ම නීතිය හා සාමාය වැනි පූජනීය දෙයක් ලාභ නාට්‍යමය රංගනයක් බවට පත් කිරීම පිළිබඳව තමන් දැඩි ලෙස හෙළා දකින බවද විපක්ෂනායකවරයාගේ X සටහනේ සඳහන්ව තිබේ.
A YouTuber predicting the arrest of a former President before it even happens? That can’t be a coincidence, could it be planned? If true, it’s a sad day when something as sacred as law and order is reduced to cheap theatrics.
— Sajith Premadasa (@sajithpremadasa) August 22, 2025