ගතවූ සතිය තුළ සැකකරුවන් 3,387ක් අත්අඩංගුවට

ගතවූ සතිය තුළ සැකකරුවන් 3,387ක් අත්අඩංගුවට

August 22, 2025   07:05 pm

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ පොලිස් මෙහෙයුමේ දී ගතවු සතියක කාලය තුල සැකකරුවන් 3,387දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මේ මස 15 වනදා සිට 21 වනදා දක්වා කාලසීමාව තුල දිවයින පුරා සිදුකළ වැටලීම් 3,392කදී අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

එම වැටලීම්වලදී හෙරෝයින් කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 869ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 119ක්, හෑෂ් ග්‍රෑම් 97ක්, ගංජා කිලෝග්‍රෑම් 166ක් ඇතුළු මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇති බව සදහන් වේ.

මත්ද්‍රව්‍ය ජාලය හදුනාගැනීම සදහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා මෙම විශේෂ පොලිස් මෙහෙයුම ක්‍රියාත්මකය.