දෙරණ - සිග්නල් සරුංගල් සැණකෙළියේ නිල සමාරම්භක උත්සවය අද රාත්‍රියේදී

දෙරණ - සිග්නල් සරුංගල් සැණකෙළියේ නිල සමාරම්භක උත්සවය අද රාත්‍රියේදී

August 22, 2025   08:26 pm

දෙරණ සිග්නල් කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළියට සහභාගීවන විදේශීය තරගකරුවන් කණ්ඩායම අද කොළඹ ගාලුමුවදොර පිටියේදී පුහුණු සැසියකට එක්විය.

දෙරණ සිග්නල් කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය අගෝස්තු 24වැනිදා කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්වීමට නියමිත අතර එහි නිල සමාරම්භක උත්සවය අද (22) රාත්‍රියේ කොළඹදී පැවැත්වීමට නියමිතය.

කොළඹ අහස විචිත්‍රවත් කරන දෙරණ සිග්නල් කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය ලබන 24 වැනිදා ඉරිදා ගාලු මුවදොර පිටියේදී පැවැත්වීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත.

TV දෙරණ, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ශ්‍රී ලංකා පොලිසිය සංවිධානය කරන මෙම සැණකෙළිය සඳහා දේශීය තරගකරුවන් 500ක් මෙන්ම රටවල් 25ක් නියෝජනය කරමින් විදේශීය තරගකරුවන් එක්වීමට නියමිතය.

සරුංගල් සැණකෙළිය සඳහා එක්වන විදේශීය තරගකරුවන්  අද කොළඹ ගාලු මුවදොර පිටියේදී පුහුණු සැසියකට එක්විය.

තරගකරුවන් 54 දෙනෙකු මෙලෙස විදෙස් කණ්ඩායම නියෝජනය කරන අතර ඔවුන් සමග දෙරණ නියෝජිතයින් ද මෙම අවස්ථාවට එක් විය.

මේ අතර දෙරණ සිග්නල් කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළියේ සමාරම්භක උත්සවය අද රාත්‍රියේදී කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

එහිදී සරුංගල් සැණකෙළියේ නිල ගීතය ද එළි දැක්වීමට නියමිතව ඇත.