කටුනායක ගුවන්තොටුපොළ වෙත එන අයට නිවේදනයක්

කටුනායක ගුවන්තොටුපොළ වෙත එන අයට නිවේදනයක්

August 18, 2025   04:45 pm

සෑම බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා දිනකදීම රාත්‍රී 10 සිට මධ්‍යම රාත්‍රීය දක්වා කාලය තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පිටවීමේ ආලියන්දයට ඇතුළුවීම අමුත්තන් සඳහා අත්හිටුවීමට තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගම ඒ බව සඳහන් කළේය.

සියලුම ගුවන් මගින් සහ ගුවන්තොටුපොළ භාවිත කරන්නන්ගේ පහසුව සඳහා මෙම පියවර ගෙන ඇති බව එම සමාගම පවසයි.